"ඔයාව!"
"මොකද්ද?"
රුෂික සම්පුර්නෙන්ම විශ්ව දිහාවට හැරුනා.
"කෝපී එකක් ඕන"
"දැන් නේ කෑවේ....ඇයි කෝපී?"
"හදලා දෙන්න බැරිද?...."
විශ්ව ටිකක් සද්දෙන් කතා කරා. රුෂික මුකුත් කියන්නැතුව කෙටල් එකට වතුර පුරවන්න ගත්තා.
"හැමතිස්සෙම කෝපී බොන්න එපා...මම ඉගුරු ප්ලෙන් ටී එකක් හදලා දෙන්නම්..."
විශ්ව බලන් හිටියා රුෂික ඉගුරු සුද්ද කරලා එයාට තේ හදන විදිහ. රුෂික හරි පිරිසිදුයි වගේම පිලිවෙලයි. ලස්සනට එයා කුස්සියේ වැඩ කරනවා.
"ඔයාගේ මග් එකට ඕන"
"අහ්?"
"මේ කොප්පේ එපා...මට ඔයාගේ මග් එකට ඕන"
විශ්ව දිහා බලලා රුෂික එයාගේ මග් එක අරන් සින්ක් එකෙන් හෝදගෙන ඉද්දි විශ්වට කෝල් එකක් ආවා.
"හලෝ භාග්‍යා.."
"අවුලක් නැනේ"
"ම්ම්ම්..හරි පරිස්සමින්"
විශ්ව කෝල් එක කට් කරනකම්ම රුෂිකගේ කන් තිබ්බේ එතනට. පොන් එක කට් කරලා විශ්ව රුෂික අතේ තිබ්බ තේ දාපු මග් එකත් අරන් කුස්සියෙන් ගියා.
"කොල් එක ආව ගමන් අපිව කිසි ගානක් නෑ..තමුසෙටත් ඕන ඉගුරු තලලා හදලා දුන්නට"
තමන්ම බැනගෙන රුෂිකත් සාලෙට ආවේ මහ කම්මැලිකමක් තිබ්බ නිසා. අනිත් අය බුරිය උල් වෙනකම් කිරිබත් කලා නිදි කිර කිර කාමර වල. Trip එකක් ආවම මෙහෙම කකා බිබී ඉන්නවද?
රුෂික ඒවත් හිත හිත සාලෙට එද්දි ඉන්නවා යෝදයා තේකත් බිබී පොන් එක කොට කොට. රුෂික ඇවිත් පැත්තකින් වාඩි වුනා. එයත් කරන්න දෙයක් නැති නිසා ඔහේ බලන් හිටියේ ටිවි එක දැම්මත් විශ්ව කෑගහනවනේ.
"මොකද බලන්නේ?"
"මං?.."
"නැත්නම් මංද?.."
YOU ARE READING
ජීවිත තනුව
Non-Fictionමගේ හදවත ගැහෙන්නේ උබ නිසා මිනෝල්...උබ නැත්නම් මේ අභීශේක මළකදක්...මාව කවදාවත් ඇවිදින මළකදක් කරන්න එපා බං...මට දරාගන්න බැරි වෙයි..... - අභී - මගේ අභී...මගේ ආත්මේ අයිති වෙන්න ඕන ඔයාට විතරයි...මං ඔයාගේ අභී... -රූ-