-67-

1.1K 98 156
                                        

"අංකල් ප්ලපි චීක්ස් "

තුරුල්ව දැකලා රූත් කෑ ගැහුවෙ සයාශ්ගෙ අතේ ඉදන්මයි. එහෙමම වීල් චෙයා එකෙන් තුරුල් ආවෙ සයාශ්ල දිහාවට. තුරුල් එනවා දැකපු රූත් දූවලා ගිහින් තුරුල්ගෙ ඔඩොක්කුවට පැන්නා.

" රූත් බබා කලබලේට දිව්වනේ අර වෙලේ... "

තුරුල් රූත්ගෙ කොන්ඩෙත් අවුල් කරලා කියද්දි ඉතුරු හය දෙනානම් ඉදියෙ මේ දකින්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව.

" අප්පත්ති.. මේ.. ප්ලපි නේ "

රූත් තුරුල්ගෙ කම්මුලකට ඇනලා හිනා වෙවී අහද්දි අනිත් අයත් ඒකට හිනා උනේ අවුරුදු ගානකට පස්සෙ හැමෝටම අමතක වෙලා තිබුණ හැමෝගෙම හිනා හඩවල් වලින් එතන පිරිලා යද්දි.

" ඕහ් හෝ.... වර්ණකුලසූරිය ෆැමිලියෙ අභිරහස් අතුරුදහන්වන්නා..... ගොඩාක් කාලෙකින්නේ තිවිරුගෙ අයියා මාව දැක්කෙ! "

තුරුල් රූත්වත් උකුලෙ තියාගෙනම සයාශ්ගෙ දිහාවට අත දික්කරාම සයාශ්තුත් තප්පර ගානක ප්‍රමාදයකට පස්සෙ හෑන්ඩ් ගිව් කරා...

" ඔව් නේද .. තෙස්- සොරි අයි මීන් තුරුල් .. "

සයාශ්ට පුරුද්දට තෙසූ ගෑවෙන්න යද්දිම තුරුල්ගෙ ඇස් වෙනස් වෙනවා දැකපු සයාශ් හිනාවෙවීම ඒ අත අරන් සාක්කුවට දාගත්තා.

මේ දෙන්නගෙ හරි සාමාන්‍ය විදිහට නමුත් හැසිරෙන අසාමාන්‍ය විදිහ නිසා එතන හිටිය හැමෝගෙම වගේ උගුර හිරවෙලා තිබුණා. පැහැසිගෙ විදිහට කිව්වොත් අවුරුදු හතරකට උඩ ඉදපු ආදරණීයම කපල් එක අද මේ විදිහට හැසිරෙද්දි ඒ දෙන්නා ගැන ⁣ඇසින් දුටු සාක්ෂිකාරයො වෙච්චි අනිත් අයට මේක දරාගන්න බැරි තත්වෙකයි තිබුණෙ..

තෙසූට යාශ්ව අමතක වෙලා යද්දි අඩුම තුරුල් සයාශ්ට කතා කරයි කියන බලාපොරොත්තුව විනාඩියකට උඩදි මෙතන හිටපු හැමෝටම තිබුණා.. සයාශ් කියලා කතා කරනවා වෙනුවට මොකද්ද අවසානෙට ලැබුන අන්වර්ථ නාමෙ ..

හැමදාම වගේ අදත් තුරුල් සෙල්ලම් කරන්නෙ වචන වලින්.. ඊටත් වඩා අවසානෙට කිව් කතාව .. ' තිවිරුගෙ අයියා !! '

" අයියේහ්... ඇයි එහෙම කතා කර-"

" ඉනෆ් සිතූ "

පැහැසිට කේන්ති ගිහින් තුරුල්ට හොදවයින් දෙකක් කියන්න ගියත් චනුසද එයාව නැවැත්තුවා..

Blooming Flowers /Non Ff | Completed ✔️Where stories live. Discover now