<20>

24 4 0
                                    


හියුගෝගේ පිටේ තද නිල් පාටට ඉරි ගොඩක් තිබ්බා නිකම් කොටියෙක්ගේ ඇගේ තියන රේඛා වගේ ඒවා හියුගෝගේ උරහිස් වලින් පටන් අරන් පිටෙත් දිගටම ඇදිලා තිබුනා කලු පාටින් පාට කරපු කොන්ඩේ අතරිනුත් ආවේ ලා නිල් පාට එලියක්

💫 හි....හියුගෝ

මම හිමීට මිමිනුවා , මම හිතන්නේ ඒක එයාට ඇහුනා එයා මගේ පැත්ත හැරුනා එතකොටයි මම දැක්කේ එයාගේ පපුවේ මූනේත් අර වගේ ඉරි පිරිලා ඇස් දෙක නිල්
පාට මැණික් දෙකක් වගේ
ඒත් ඊලග තප්පරේ ඒක නැති උනා

🤍 ඔයා ... 

💫 ඒ මොකක්ද කියන්න

🤍 ඒක ඒ තරම් දෙයක් නෙමේ

💫 හියුගෝ....ඔයා මගෙන් මොනාද හංගන්නේ

🤍 මුකුත් නෑ මම මගේ පවර් එක ට්‍රයි කරන්න ගියේ.... ඒත් ඒක ගොඩක් දුර්වලයි

💫 මොකක්

දොර ගාවින් එහාට ඇවිල්ල මම එයා ගාව ගියා ඇද උඩ තිබ්බ ශර්ට් එක අතට අරන් මගේ ඇස් කෙලින්ම මම යොමු කරේ මෙච්චර වෙලා දිස්න දුන්න එයාගේ පපුවට මම මීට කලින් නොදැකලු කැලැල් ගොඩක් එයාගේ පපුවේ ලාවට තිබ්බා

💫 මේ කැලැල් මොනාද

ශර්ට් එක එයාගෙ ඇගට දාලා මම ඇහුවේ තාම නිල් පාට අතුරුදහන් නොවුන එයාගේ ඇස් දිහා බලාගන ඒත් ඒ ඇස් මාව මග ඇරියා

🤍 දන්නෑ , මතක නෑ

💫 ආශ්.... ඔයා කව්ද කියලා හොයාගන්න
මම ඔයාට හෙල්ප් කරන්නම් කිව්වා ඔයා හිතන් ඉන්නේ මට ඒක කරන්න බෑ කියලද? කමෝන් හියුගෝ ඔයා හොදටම දන්නවා මම ගැන

🤍 ඒත් මම දන්නෑ මම හැප්පෙන මිනිස්සු ගැන

💫 මොකක්

🤍 එදා පිපිරීමෙන් පස්සේ මට මෙහෙම එකක් උනා කියලා දන්න කෙනෙක් ඉන්නවා එයා මාව හොයනවා

💫 අපි එයාව හොයාගමු

🤍 ඒත් ඩියානා මිනිහා මම රස්නෙට බයයි කියලා දන්නවා , එයා මගේ ලේ වලින් හම්බකරනවා මම හිතන්නේ

හියුගෝ මේසේ උඩ තිබ්බ ලෙන්ස් බොක්ස් එක දිහා ඇස් කොනින් බලලා ඇදෙන් වාඩි උනා මාත් එයාගේ අනික් පැත්තෙන් ඉද ගත්තා

💫  එයාව හොයාගමු හියුගෝ , අපි පොඩි ට්‍රැවල් පාරක් දාමු කාටවත් සැක නොහිතෙන්න

🤍 එයා මාව දන්නවා

💫 එයා දන්නේ හිස්ටොරිකල් මූවී වල වගේ ඇදගත්ත සුදු කොන්ඩයක් තියන නිල් ඇස් තියන කෙනෙක්ව

හියුගෝ ආය ඇස් ඉස්සුවා

💫 ඔයාගේ පවර්ස් තියනවනේ නේද?

🤍 නෑ ඩියානා මට මීට වඩා ගොඩක් දේවල් කරන්න පුලුවන්

💫 රයිට් රයිට් අපි හිමීට ඒ දේවල් හරිගස්සගමු....පොඩ්ඩක් එලියට යමුද ඇවිදින්න

හියුගෝ හිනාවෙලා ඔලුව වනලා ඇදෙන් නැගිට්ටා ඇම්බැක්කෙවත් නෑ මෙහෙම කැටයක් හුහ්...






---------------------------------------





සසෝයි පාර්ක් එක කියන්නේ මේ නගරේ තියන පැය විසි හතරම විවෘත ශෝක් පාර්ක් එකක් පාර්ක් එක කෙලවරේ කනත්තකුත් තියනවා මේ පාර්ක් එකේ ගස් යට කොච්චර නම් කවි ලියවිලා තියනවද දන්නෑ

ලා කොල පාට ශර්ට් එකක් ඇදන් ආව හියුගෝ පරිසරේම කොටසක් වගෙ පෙනුනා මම ඉතින් රතු පාට ශෝයි ඇදුමක් ඇදන් ආවේ ඩියානා ලුමී වගේ මැච් කර කර අදින්නෑනේ

💫 මෙහෙ ලස්සනයි නේද

🤍 හ්ම්ම්ම්

💙 හේයි හියුගෝ , ඩියානා

පාර්ක් එකේ මල් ගස් අස්සෙන් අත වනාගන ආවේ ඩීන්

🤍 ඔහ් .... ඩීන්

💙 එදා අවුලක් උනේ නෑනේ

🤍 නෑ

💙 ශේප් ශේප්.... ඉතින් කපල් එක ඇවිදින්න ආවද

💫 යෑස්.... අපි දෙන්නා පොඩි රවුමක් ගහන්න ආවා ගේ අස්සෙම ඉන්න බෑනේ

💙 මටත් ජොයින් වෙන්න පුලුවන් ද

🤍💫 ශුවර්

ඩීන් කියන්නේ එකපාර කච බච ගාලා කියෝන ආය එකපාර සයිලන්ට් වෙන ඩයල් එකක්

💙 ඔයාලා මේ පැත්තේ ඉන්න කොටියෙක් ගැන දන්නවද????







යූ හූ

මන් රහසක් කියන්න්ද??

ඔයාලාට ඊලගට කියවන්න පුලුවන් rose of knights එකේ සයිඩ් ස්ටෝරියක්

ZooWhere stories live. Discover now