💙Chapter 01🤍

82 5 8
                                    

අද අහස ගොඩක් ලස්සනයි.තරු ගොඩාක් අහසේ අද පායලා තිබුණා.මගේ කාමරේ එළියේ බැල්කනියට ගියාම අහස ලස්සනට පේනවා.මං ටික වේලාවක් අහස දිහා බලන් ඉදලා කාමරේ ඇතුලට ආවා.සුපුරුදු පරිදි මං මගේ ඩයරි එක අතට අරන් මං රැ හීනෙන් දැක්ක දේවල් මට මතක ටික ලියන්න පටන් ගත්තා.ඒ දැකපු පිරිමි ළමයා,ඒ අවට පරිසරය මට ගොඩක් ළඟ බව දැනුනා,හුරුපුරුදු බවක් දැනුනා.ඒ හීන වල තේරුමක් මට නොදැනුනත් මං ඒ හීන දකින්න ඒ හිනාව දකින්න ආස වුනා.ඒ නිසා ඒ ලස්සන මතක අමතක නොවෙන්න මං මගේ ඩයරියේ ලියාගත්තා.මං ඒ දකින හීන මට මොනවාදෝ කියන්න හදනවා කියලා මං මගේ හිතෙන් මටම කියා ගත්තා.හීන නොපැහැදිලි වුනත් මතකේ රැදිලා ඉන්න ඒ මුණ,J අකුරේ පෙන්ඩන් එකක් තියෙන මාලේ මගේ මතකේ තිබුනා.මං එහෙම්ම ඩයරි එක ලියලා ඉවර කරලා ඩයරි එක කබඩ් එකට දාලා මං නිදා ගන්න ඇදට ආවා.

උදේ වෙලා කියලා දැනගත්තේ අම්මා කාමරේට ඇවිත් ජනෙල් රෙද්දත් එහාට කරලා Sunghoon Sunghoon නැගිටින්න ස්කොලේ යන්න ඕනේ නේද,අම්මා මගේ ඔලුව අත ගාන ගමන් අද ඔයාගේ පලවෙනි දවසනේ, ඒ නිසා නැගිටින්න පුතා කියලා අම්මා කාමරෙන් එළියට ගියා.එහෙම්ම ඒ වෙලේ වැදුනු එලාම්
එකත් off කරලා මං නැගිට්ටා.මොනා නැතත් ස්කොලේ යන පලවෙනි දවසේ පරක්කු වෙලා ගිහින් චාටර් වෙන්න බැනේ.සින්දුවක් එහෙම මගේ මියුරු කටහඩින් කියන ගමන් වොෂ් දාපු මම,sunghoon....බාත්රුම් එකට වෙලා බයිස්කොප් දාන්නේ නැතුව හොදන් ඉවර නම් ලැස්තිවෙලා කන්න එන්න ලමයෝ කියලා අම්මා Red light එක දැම්මට පස්සේ කඩි කැවා වගේ ඉක්මනට වොෂ් දාන් මං බාත්රුම් එකෙන් එළියට ආවා.අලුත් ස්කොලේ යුනිෆොම් එකත් ඇදගෙන කන්නාඩිය ඉස්සරහා මං මගේ හැඩ බලන ගමන් ඔයා හරි හැන්ඩ්ස්සම් Sunghoon කොල්ලෝ කියලා මටම කියා ගන්න අතරේ අම්මාගේ සෙන්ට් එකත් ඇගේ උලා ගත්තා.අප්පේ මෙකේ සූද..අපේ අම්මා තාත්ත අල්ලගන්න ඇත්තෙත් මේවා ගාලා තමා කියලා කියව කියව හිනා වේවි මං පහලට ආවා.

පහලට එනකොට අම්මයි තාත්තයි කෑමමේසේ උදේ කෑම ගන්නවා.මාත් ඉතිම් ඒ දෙන්නට මගේ prince හිනාවෙන් සංග්‍රාහා කරලා Good Morning mom,dad කියලා කට පුරෝලා කිව්වා.🤭මගේ තාත්තා හමුදාවේ නේ,තාත්තට සොල්වලට  පත්විම හම්බුන නිසා අපිටත් සොල්වලට එන්න වුනා.අම්මා නම් සංගීත ගුරුවරියක්,සමහර දවස් වලට තාත්තා ගෙදර ඉද්දි අපි 3 දෙනාම සින්දු කියනෝ,නටනෝ🤭අම්මා අදත් එයාගේ දේශනාව දිලා,මගේ නලලට හාදුවක් දුන්නා.දෙන්නටම සමුදිලා මං ගෙදරින් එළියට බැස්සේ කොමහරි ස්කොලේට යන බස්එක අල්ලගන්න ඕනී නිසා.හරි වේලාවට මං ස්කෝලේට ආවා.බස් එකේන් බැහැලා මං ස්කොල් වටපිටාව බලන ගමන් staff room හොයන් ගියා.මගේ පන්තිභාර ටිචර්වත් හොයාගෙන මං ටිචර්ගේ පස්සෙන් ගියේ මගේ පන්තියට.මට එළියේ ඉන්න කියලා,ටිචර් ගියා පන්තියට ඒ ගිහින් පන්තියේ ළමයිට කිව්වා,Good morning ලමයි!අද ඔයාලගේ පන්තියට අලුත් යාලුවෙක් එකතු වෙනවා කියලා,ටිචර් මට පන්තියේ ඇතුලට එන්න කියලා කතා කළා.ඒ එන ගමන් ඇහුනා ඉස්සරහා පෙලියේ ඉන්න කෙල්ලෝ දෙන්නෙක් මං ලස්සනයි කියනවා.ඒකෙන් හිතේ තිබ්බ භය ටිකක් හරිගියා.පන්තිභාර ටිචර් මට මාව ළමයින්ට හදුන්වලා දෙන්න කිව්ව නිසා,පහලට කරලා තිබ්බ ඔලුව ටික්ක උස්සලා,
මගේ නම Park Sunghoon.මං සින්දු කියන්න නටන්න ගොඩක් කැමතියි.කියලා ළමයිට කියද්දි එක ළමයෙක් මගේ දිහා එක එල්ලේ බලන් හිටියා.මට මගේ හැදින්විම සම්පුර්ණ කරන්න හම්බුන්නැ,මං ගල් ගිලලා වගේ ඔහේ ගොලු වෙලා බලන් හිටියා,ටිචර්ත් මුකුත් අහැව්වේ නැ ඒ වෙලේ.මාත් භුතයෙක් වගේ බලන් හිටිය නිසා ටිචර් කිව්වා,පුතේ ඔයා ගිහින් අර Jay ලගින් වාඩි වෙන්න කියලා මට කිව්වා.ළමයි ටිකත් මාව අත්පුඩි ගහලා මාව පිළිගත්තා.මට කියා ගන්න බැරි වුන හැදින්විමේ ඉතුරු ටික මං හිතෙන් කියන්ම මට ඉදගන්න කිව්ව තැනින් ගිහින් ඉඳගත්තා.මගේ එහා පැත්තේ හිටිය Jayට hi👍🏻කියලා කලින් දැක්ක ළමයා පිටිපස්සේ ඉන්නවද කියලා මං පිටිපස්ස හැරිලා බැලුවා.

මේක මගේ ලියන 1st story එක නිසා අඩුපාඩු ගොඩක් ඇති.ඒකට සමාවෙන්න ඕනී.ඔයාලා මගේ කතාවේ චැප්ටර් එකක් කියවලා අවසානයේ ENHYPEN Moonstruck Song එක මතක් කර ගන්න🥹එතකොට ඔයාලාට මගේ කතාව ගොඩක් දැනෙයි🤭කතාව ලස්සනයි නම් ,කතාවට vote 1ක් දාන්න,කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.තැන්කු ඔයාලට ❤️ආදලෙයි❤️❤️

_Once Again_✨(Jakehoon)Where stories live. Discover now