Jaewoo යි මායි දෙන්නම මොකක්ද වුණේ කියලා හිතා ගන්න බැරුව කල්පනා කර කර ඉද්දි jaewoo එතන තිබ්බ නිශ්ශබ්දතාවය බින්දා.hoon මට හිතෙන්නේ අපි දෙන්නා Soulmate කියලා jaewoo කිව්වා.Soulmate? Soulmate කියන්නේ ආත්ම සහකරුවෝ? මං පුදුමෙන් වගේ ඇහැව්වා.ඔව් hoon මට හිතෙන්නේ එහෙමයි.මොකද,දැන් ඔයා කියපු දේවලුයි,අපේ අම්මා කියපු දෙයකුයි මට මතක් වුණා ඒකයි.මොකක්ද?ඔයාට අම්මා කිව්වේ කියලා මං ඇහැව්වා.අම්මා එදා නත්තල් දවසේ මේ මුද්ද ගත්ත තැනේ හිටපු වයසක ගෑණු කෙනා කිව්වලු,මේ මුද්ද ඔයාගේ පුතාගේ ආත්ම සහකරුවා හොයාගන්න මඟපෙන්වයි කියලා.මොකක් එහෙම කියලද?ඔව්නේ. ඔයා කියන විදිහට hoon අපි දෙන්නා මේ මුදු දෙක අරන් තියෙන්නේ එකම කෙනාගෙන්.ඒක තමා එහෙනම් එදා ඒ ගෑණු කෙනා මගේ දිහා අමුතු විදිහට බලලා හිනා වුණේ.ඉතිම් jaewoo තව මොනාද අම්මා කිව්වේ?එච්චරයි hoon.අම්මා මට විහිලු නම් කලා,ඔන්න මගේ පුතාගේ Soulmate හම්බුනාමනම් අම්මට කියන්න ඕනේ කියලා jaewoo දුකින් කිව්වා එයාට ඒ වෙලේ අම්මා මතක් වුනු නිසා.මං ඉතිම් එදා ඕවා විශ්වාස කලේ නැ hoon.මුද්ද දැක්කම ආස හිතුන නිසා අම්මා මුද්ද දුන්න ගමන්ම මං ඇගිල්ලේ දාගත්තා.ඒත් අද මේ උනුදේවල් එක්ක මට හිතෙන්නම එක තමයි හේතුව කියලා.හිම්...ඔව් හැබැයි එහෙනම් එදා මගේ මුද්ද දිළිසුනේ ඔයා ඒ ළඟ පාත කොහේ හරි ඉන්න ඇති.පොඩ්ඩක් ඉන්න,හරිනේ ඉතිම් ඒ ඔයා තමයි.මං එදා ඔයාව දැක්කා.මට දැන් මතක් වුනේ.ඔව් ඒ ඔයා තමයි jaewoo කියලා සතුටින් මං කිව්වා.හැබැයි ඔයාට මාව මතක නැතුව ඇති.මොකද මං නේ ඔයාව දැක්කේ ඔයා මාව දැක්කේ නැනේ.ඒ කොයිවෙලේද hoon ඔයා මාව දැක්කේ?කියලා පුදුමෙන් jaewoo කටත් ඇරන් මගෙන් ඇහැව්වා.මං ඔයාට කිව්වේ මගේ මුද්ද දිළිසුනා කියලා ඒ වෙලේ මං මුද්ද දිහා බල බල ඇවිදගෙන යද්දි මගේ උරහිසේ කවුරුහරි හැප්පිලා sorry කියන් ගියා.කවුද කියලා පිටිපස්ස හැරිලා බැලුවමයි ඔයාව දැක්කේ.ඒ වෙලේ ඔයා ඔයාගේ එහා පැත්තේ හිටිය ගෑණුකෙනා බදාගෙන එයත් එක්ක කියව කියව ගියා.ඒ ගෑණු කෙනා ඔයාගේ ඔලුව අත ගෑවාම ඔයා හිනා වුණා.මං ඒ වෙලේ තමා ඔයාව side එකෙන් දැක්කේ.ඒ ඔයාව දැක්ක විනාඩි කිහිපයට මගේ හදවත ඔයාව මෙහේදි දැක්ක පලවෙනි දවසේ වගේ හයියෙන් ගැහුනා.මං දන්නැ හැබැයි ඒ ඇයිද කියන්න.පස්සේ මුද්ද දිහා බැලුවම ඒක දිළිසෙන එක නතර වෙලා තිබුනා.මං ඊට පස්සේ ගෙදර ගියා.ohh ඔයාට හොද මතකයක් තියෙනවානේ hoon කියලා jaewoo හිනා වුනා.මං ඒ වෙලේ මගේ වම් අතින් Jaewooගේ කම්මුලේ එක පැත්තක් ඇල්ලුවා.ඒ වෙලේ මං නොදැනිම jaewoගේ ඇස් අතර අතරමං වුණා.jaewooත් මගේ දිහා බලන් ඉන්න අතරේ Jaewooගේ ඇස්වලින් කඳුලු බිංදු මුණේ දිගේ වැටුණා.මං ඒ කදුලු මගේ අතින් පිහද්දි ඒ කඳුලු වල උණුසුම මට දැණුනා.ඒ වෙලේ නම් මගේ හදවත හයියෙන් ගැහුනේ නැ.Jaewoo ටික වේලාවක් මගේ දිහා බලන් ඉදලා මුණ හරවලා අහක බලා ගත්තා.මං ඊට පස්සේ මගේ අත අරන් sorry කිව්වම It's ok hoon කියලා බිම බලා ගත්තා.මං ඊට පස්සේ jaewooට කිව්වා,අපි එහෙනම් ඇත්තටම Soulmates ලා.hmm කියලා jaewoo ඔලුව වැනුවා.
YOU ARE READING
_Once Again_✨(Jakehoon)
Fanfiction"මං ආයේ ඉපදුනොත් ඔයාට මාව මතක තියේයිද?මාව හොයාගෙන එන්න."♥️
