" උඹ අවුරුදු හතරක් මේ කරපු දේවල් දිහා බැලුවහම අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ ! "
තිවිරු අතේ තිබුන ඇමරිකානෝ එක ටේබල් එකෙන් තියද්දි සයාශ් කරේ හිනා උන එක..
" හිනාවෙන්න ! උඹට හිනාවෙන්න දවසක් හදලා දෙන්නයි මං අවුරුදු හතරක් තිස්සෙ මේ කට්ට කෑවේ.. මං කතා කරන්නෙ මොනා ගැනද කියලා උඹ දන්නවනේ "
සයාශ් කියද්දි තිවිරු ඇහැබිම රැලි කරන් ටේබල් එකට අත් දෙක තියාගෙන ඉස්සරහට නැවුනෙ සයාශ්ගෙ මූණෙ තාමත් අර වේදනාකාරී හිනාව ඇදිලා තියෙද්දි..
" තෝ පරයා මොකද්ද ඒ පාර නටන්න හදන නාඩගම ?! "
" මට ඉතුරු උපරිම උනොත් අවුරුදු හතරක් හෝ පහක්.. "
සයාශ් කියද්දි තිවිරු බලන් ඉන්නෙ එකපාරට මේ කියවන අපභ්රංශෙ තේරුම්නොගිහින්..
" උඹ දන්නවද දන්නෙ නම් නෑ.. මගේ ශෝලඩර්ස් දෙකේම ස්නායු මැරෙන ගමන් තියෙන්නේ.. පැරලයිස් නොවී මට ඉන්න පුළුවන් උපරිම කාලෙ අවුරුදු හතරයි "
" අර පොඩි උන් දෙන්නා ගැන හිතලා ඕකට බෙහෙතක් කරගනින්.. ! "
" ඒක හොද කරන්න බෑ ! "
" විකාර නොකර ඉදපං හොද කරන්න බැරි ලෙඩවල් තිබුණට මං මේක පිලිගන්නෙ නෑ ! "
තිවිරු කිව්වෙ සයාශ්ට රවන ගමන් වෙද්දි සයාශ් පුටුවෙ ඇන්දට හේත්තු වෙලා වාඩි උනේ අත්දෙක පපුවට බැදගෙන..
" ශාක්යට තිබිලා තියෙනවා උරහිස් හිරිවැටෙන ලෙඩක්.. අවුරුදු ගානක් ස්විමින් කරපු නිසා ලැබිච්ච සයිඩ් එෆෙක්ට් එකක්.. මටත් ඒක තිබුණා.. ස්විමින් පටන්ගන්න කලින් ඉදන්ම.. අවුරුදු පහක් තිස්සෙ මං බෙහෙත් බොනවා.. දකුණෙ තිබුණ වේදනාව දැන් වමටත් ගිහින්.. ඩොක්ටර්ස්ලට ලෙඩේට හේතුවක් අදටත් හොයාගන්න බෑ "
සයාශ් කියන ගමන්ම පුටුවෙන් නැගිට්ටෙ තිවිරු තාමත් මීක් සද්දයක් නැතුව ඉන්දැද්දි.. කෝට් එක අතටගත්තු සයාශ් යන්න හදද්දිම තිවිරු උගුර පෑදුවා..
" උඹ මොකද්ද කරන්න හදන්නේ.. ?! "
" උඹගෙ මැරේජ් ලයිෆ් එක සක්සස් වෙන්නෙ නැහැ මං ඉදියොත්.. දෙවිදිහකින් ඒක එහෙම වෙනවා.. එක පැත්තක දෙන්නෙක්ගෙ මතක මරලා දාද්දි තව කෙනෙක්ගෙ හැගීම් මරලා දාන එක විතරයි මට ඉතුරු.. ඒක එහෙම උනොත් මට ජීවත් වෙන්න හේතු නැති වෙයි.. ඒත් මැරෙන්න ඉන්න මට ඔය මොන දේත් එකයි "
![](https://img.wattpad.com/cover/363889924-288-k423773.jpg)
YOU ARE READING
Blooming Flowers /Non Ff | Completed ✔️
Science Fiction"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024