Chapter 03💫

108 8 2
                                    


අම්මා මූණ හෝඳ ගත්තම තියෙන සනීපෙ.පුහ්...අර මුස්පේන්තුවා නේද පන්තියට වෙලා ඉඳගෙන ඉන්නේ.කොහෙද දන්නේ නෑ අනිත් නරියෝ ටික.ඇයි ඉතිං මූත් ඉස්කෝලේ ආපු මුල්ම දවසෙම එකතු වුනේ ඒ නරි රෑනටමනේ.ශිට් ඉදගෙන ඉන්න හැටි විතරක්.

අප්පද බොල මූ මං පංතියට ආපු ගමන් අර ගස්සගෙන ගියේ මටද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අප්පද බොල මූ මං පංතියට ආපු ගමන් අර ගස්සගෙන ගියේ මටද ..? හිතන් ඉන්නවද දන්නේ නෑ මට බෝවෙන ලෙඩක් තියෙනවා කියලා, මං පන්තිය ඇතුළට ආව ගමන් මායම් වෙලා වගේ දිව්වේ.ෂුවර් එකටම නරි රෑන හොයන් යන්න ඇති.ගස් බම්ලා.

අනේ මට මොකෝ ඔය කාගෙවත් ගැස්සිලි පැද්දිලි.රුදේෂ් කියන ඔක්කොම බලු කතා අහන් ඉවසන් ඉන්න මට මේ කොහෙන්ද ආපු අලුත් එකෙක්ගේ ගැස්සිලි පැද්දිලි වලට මොනවට රිද්දගන්නවද ඔන්න ඔහේ Econ පොත පොඩ්ඩක් බලා ගමු.නැත්නම් ලලිතා මිසුත් මොකක් හරි ප්‍රශ්නයක් මගෙන්ම ඇහුවොත් ඇයි ඉතිං මං ඒ තරම් වාසනාවන්තයිනේ.

Table එක ඇතුලෙන් නේද මං පොත තිබ්බේ ආ මේ තියෙන්නේ පොඩ්ඩක් ඉන්න මෙහෙම බෑග් එකක් මං ගෙනාවේ නෑනේ. මේ මොකක්ද මේ? කෑම එකක් මේක කොහොමද මගේ Table එකේ ලාච්චුවට ආවේ? තම මොනවද තියෙන්නෙ මේ බෙහෙත් ටියුබ් එකක් ,මොකද්ද මේ කොලේ විශේද් වත් තියලා ගියාද දන්නෑ. මං කෑවෙත් නෑනෙ! අනික අරූ බිමට මාව අත ඇරිය පාරට මූණ ඉදිමිලා කියලා එයත් දැක්කනෙ. අනේ පව් කොල්ලා. ඒකට අරූ වැඩේ කරලා සොරි කියලවත් කිව්වේ නෑනේ ,කට්ටිය ඉන්න නිසා බෑ කියමුකෝ. දැන් මං විතරයි ඉන්නකොට සොරි කියන්න තිබුණනේ. නෙහාන් උඹට පිස්සු ද කොහෙවත් යන එකෙක් නිසා රිදිලා තියෙන හිත තවත් රිද්ද ගන්නේ.කියවලා බලමු විශේද් මොනවාද ලියලා තියෙන්නෙ කියලා...

මොකක් මේ විශේද්ගේ අකුරු නෙමෙයිනේ. මොනව ලියලා තියෙන්නේ

ආ මේ බෙහෙත් එක මූණේ වැදුන තැන ගාගන්නවා .ඒ පැත්තම ඉදිමිලා, හැටි විතරක් විකෘතියක් වගේ. ඕක ගාගන්නවා හරිද නැත්නම් මටනේ වදේ. ඕක ක්‍රීම් එකක්හින්දා පේන්නේ නෑ . ආ තව මේ කෑම එක කනවා බක පණ්ඩිතයා වගේ බඩගින්නේ ඉන්නේ නැතුව .සොරි උදේ තමුසෙව ඕනකමින් බිමට අත ඇරියේ නෑ . සොරි.

Second Chance Where stories live. Discover now