"යකෝ රච්යා මේ බලපන්කො මූ නිකන් සැරසෙන්නේ මඟුල් ගෙයකට යන්න වගේනේ.."
"කමක් නෑ නිකෙල් තව ටිකක් හැඩ වෙයන් මයේ අම්මා.ප්‍රේමයේ මංගල ගමනනේ මේ තියන්න යන්නේ උබ.හැබයි පුතේ ආරම්භයේම හත්පොලේ ගාගන්න නම් ලෑස්ති වෙන්න එපා ඔන්න ආයේ මං නොකීවා කියන්න එපා ."
"හරි හරි බං.යකෝ ලව් කරන්න කලින් මෙහෙම නම් ලව් කරන්න පටන් ගත්තාම කොහොම වෙයිද මන්දා..සික් විතරක් නිදහසේ පාඩුවේ හිටිය මටත් ඔක්කෝටම කලින් මඟුල් විසේ ගැහුවනේ..."
"දැන් ඉතිං කොරන්න දෙයක් නෑ මචෝ..ඕකට තමයි කියන්නේ කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ කියලා."
"මේ ඇති ඇති ඔය හැඩවුනා වරෙන් දැන් පල්ලෙහා ට යමු."කොච්චර හැඩ උනත් උබේ ඔය මරුමුස් ගතිය යවන්න බෑ.
"අඩෝ නිකෙල් අරුන් දෙන්නා ආවද කොහෙද බෙල් එක ගැහුවා නේද..."
"සිරාවට"
"වරෙන් ඔය මූණ පොඩ්ඩක් සිරියාවන්ත විදියට හදාගෙන උබේ පෙම්බර කුමරව පිළිගන්න "
"සිරාවට මචං.. උබේ මාළිගාවට ඌ අදනේ ඉස්ඉස්ල්ලාම පය තියන්නේ.පිළිගැනීමේ ගීතයක් වත් කියමු...."
"එහෙනම් නිකෙල් නමෝ විත්තියෙන් ඔය ගේට් එක ඇරහන් "
"මේ මොකද අනේ මේ කට්ටියම ගේට් එක ළඟ..."
"අපොයි නිකේශා අක්කා...ඔයාටත් අනේ එන්න වෙන වෙලාවක් තිබුනෙනම නැද්ද... ආයේ මුල ඉදන් පටන් ගන්න එපැයි...."
"මොකක්..."
"ආ නෑ නෑ මේ රචියා කිව්වේ අක්කාව පිළිගන්න ආවේ කියලා..."
"අනේ........මේ පැංචිට එච්චර ආදරයක්...
අනේ පලයන්ලා බං යන්න මං දන්නැද්ද උබලා සෙට් එක ගැන.අපේ අංකූරා වගේමනේ.මොකක් හරි කුප්ප වැඩකට නේද අර ඇද්දෙ...?""පිස්සු ද අක්කේ අපි කරනවද ඒ වගේ වැඩ.හැබැයි ඉතිං අක්කේ ඔයාගේ මල්ලි නිකෙල් ගැන නම් කියපු දේ හරි ඕකා කොහොමත් අංකූරනේ කොරන්නෙම නොහිබිනා වැඩ ඕකා දැනුත් ඒ වගේ වැඩකට තමා සැරසුනේ..."
"අඩෝ ගහන්න එපා බං පොඩ්ඩක් ඉඳපන්කො මං අක්කා එක්ක කතා කරනවනෙ ."
YOU ARE READING
Second Chance
Non-Fictionඅමුතු ආදරයක්.., අමුතු බැඳීමක්..., ආදරය කියන අකුරු තුනටත් වඩා ලොකු ලොකු තේරුමක් තියෙන "අමුතු හැඟීමක්.."❤️💝 ලං වෙන්න ඕන වුනත් කවදාවත් ලං වෙන්න බැරි වෙන්වීමක් ගැන හිතන්න වත් බැරි ඒත් වෙන්වීමක් උරුම මේක හරි අහිංසක ආදරයක් ❤️🩹