Chapter 07💫

80 9 8
                                    

"good morning අන්කල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"good morning අන්කල්....."

"good morning පුතා.. එහෙනම් අපිව මතක් වෙලා තියෙන්නේ..... මං ඒත් බැලුවා මේ පැත්තට එන පාරවත් අමතක වෙලාද කියලා මෙච්චර කාලෙකට "

"අයියෝ සති දෙකයිනේ අංකල් මං ආවේ නැත්තේ.... එහෙමත් අංකල්ලාව මං අමතක කරනවද මේ දවස් ටිකේම ඉස්කෝලේ වැඩ වගයක හිරවෙලා හිටියේ. ඇයි විශේද් කිව්වේ නැත්ද අංකල්ලට "

"මොන, නෑනේ මම මේ හිතුවේ දෙන්නත් එක්ක වලියක්වත් අල්ලලාද කියල මං අපේ යසිටත් කිව්වා."

"අනේ අපි  මොනවා බෙදා ගන්න බැරුව මොනවට තරහ වෙන්නද අංකල් .අනික මට යසී ආන්ටි ඉරිදා කෝල් කලත් එක්ක."

"යකඩෝ එතකොට මං ගැන තමා ඔයාට අමතක වෙලා තියෙන්නේ හරි හරි ඔහොම යමුකෝ කොල්ලෝ..."

"අයියෝ එහෙම නෑ අංකල් මට ඉතින් අංකල් එක්ක තරහ වෙන්නේ මොකටද, කෝ ඉතින් දැන් පොඩ්ඩක්  හිනාවක් දෙන්නකෝ. නැත්තං ඔයාගේ අනාගතයේ ඡන්දයක් නැතිවෙයි. අනිවා මං විරුද්ධ පක්ෂයට ඡන්දය දෙනවා හොඳේ....."

"කෝ අංකල් විශේද්..?"

උඩ මං හිතන්නේ වොෂ් දානවා.

"මේ ඒක නෙමේ දැන් අක්කි දන්නවද ඔයා එනවා කියලා..?"

"නෑ දැන් තරහ වෙලත් ඇති මාත් එක්ක. "

"යන් කොල්ලෝ අපි එහෙනම් පොඩ්ඩක් සප්‍රයිස් කරමු.. ඉතින් උඩ පනියි පුතා ආවා කිව්වම. මල්ලිටත් වඩා පුතාට  පුදුම ආදරයක් තියෙන්නේ..."

"ඔව් අංකල්. පමණක් වෙලාවකට විශේදුත් ඕක මට කියනවා."

"ඒක නෙමෙයි ඔයා අසනීපෙන් ද දරුවෝ...?"

"නෑ  අංකල් මං හොඳින් "

"අනේ මන්දා මට පේන විදිහ ද කියල ඒත් සුදු මැළි වෙලා ඇදිලා ගිහින් වගේ. මේ අහන්නකෝ මොන ප්‍රශ්නය ආවත් මට  කියපන් රත්තරනේ.... උඹට මායි ඇන්ටියි ඕනම වෙලාවක ඉන්නවා . ප්‍රශ්න හිතේ තියන් ඉන්න එපා පුතේ. වෙන අසනීප වගේ නෙමෙයි දරුවෝ හිත ලෙඩ වුණාම බෙහෙත් වලින් හොඳ කරන්න හරි අමාරුයි. ඔයාට ඒක ගැන මං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මට කියන්න බැරි නම් විශේද් ට හරි කියන්න දරුවෝ. මගේ දරුවා ගැන මං හොඳට දන්නවා එයාගෙන් කවදාවත් ඒ කිසි දෙයක් පිටතට යන්නේ නෑ."

Second Chance Where stories live. Discover now