අද දවස කියන්නේ මගේ ජීවිතේ ලස්සන ම දවසක් වෙන්න තිබුණු දවසක්, මොකද අද තමයි මගේ උපන්දිනය..හැබැයි මම කවදාවත් ම හිතුවේ නෑ අදවගේ දවසක ම මට මගේ ජීවිතේ මේ තරම් අහිමිවීම් ගොඩකට මුහුණ දෙන්න වෙයි කියලා.. විශේෂයෙන් එදා හවස සතුට, දුක කියන හැම හැගීම ම මොන වගේද කියන්න මට හොදටම දැනුනා..
At birthday everning
අන්දකාරයෙන් පිරිණු කොරිඩෝවක් දිගේ ඇවිද ගිය මං නැවතුනේ ලස්සන පුංචි හෝල් එකක් ලග.. ලස්සන පාට පාට මල් වලින් වගේම, පුංචි පුංචි ලයිට්ස් වැල් වලින් එතන ගොඩාක් ලස්සන වෙලා තිබුනා..
හැබැයි ඒ හැමදේකටම වඩා එතන ලස්සන වෙන්න තව එක හේතුවක් තිබුනා. ඒ තමයි මං මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන, මං දකින්න ආසම ඒ පිරිමි රූපේ මගේ ඇස් ඉස්සරහ මං ආසම red rose bouquet එකකුත් අතින් අරන් මං දිහා බලන් ඉන්න එක..Happy Birthday Sara..🥰❤️
Thank You Abhi..🫂❤️
මං දුවගෙන ගිහින් ඒ උණුහුමට ගුලි වුණේ ඒ තමයි මං මේ ලෝකෙ සැනසෙන එකම පිරිමි හදවත නිසා..එතනින් පස්සෙ ගෙවුනේ මගේ ජීවිතේ ලස්සන ම හෝරා කිහිපය.. තවත් හෝරා කිහිපයකට පසෙ මයික් එකක්ද අතින් ගෙන ඒ දිලිසෙන ඇස් වලින් මං දිහා බලලා හිනා වුනු ඔහු වේදිකාවට නැගුගේ මගේ ඇස් පුදුමයෙන් විසල් කරමින්..
Please pay attention to me ladies and gentlemen..
මේ තමයි මගේ ප්‍රින්සස් ආසම කරන සිංදුව.. ඉතින් මේක එයා වෙනුවෙන්..සිහින මැවූ ආදරේ අරන් ඔබ ඇවිදින් ලගට මගේ..
හිතම වශී කර ගන්න තරම් මොනවාදෝ ඔබ කෙරුවේ..
ලබනා හැම භවේ මම ඔබගේ ලග ඉන්න ඇති..
ඒ නිසා මේ භවේ මට ඔබව හිමිවෙන්න ඇති..සිංදුව අවසන් කිරීමටත් පෙර ඔහු සිහිසුන් ව ඇදවැටෙන්නට වූයේ ඇගේ හදවත මොහොතකට නවතාලමින්..
අ..භී..අභී..අනේ ඔයා හොදින්ද..අනේ ඇස් අරින්නකෝ.. අභීභී......
At hospital
ඩො..ඩොක්ටර් අනේ එයා හොදින් නේද ඩොක්ටර්..මන් ඔයාලට කලින්ම කිව්වනේ දරුවෝ.. දැන් අපි පරක්කු වැඩියි හැබැයි බලාපොරොත්තු අතහැර ගන්න එපා අපි අපේ පැත්තෙන් වෙන්න ඕනා හැමදේම කරනවා..
වසර 04කට පෙර..
ඒයි අභියා උබ දැන් අවුරුද්දක් තිස්සෙ ඔය කෙල්ලගෙ පස්සෙන් යනවනේ බන් කෝ සෙට් වුනාද..
එකී හරි අහිංසක කෙල්ලෙක් බන්..
එත් උබ හිතනවද ආන්ටි අන්කලුයි ඔය කෙල්ලට කැමති වෙයි කියලා..
උබ දන්නවනේ ආයුවා කෙල්ල කැමති නම් මට වෙන කාගෙන්වත් වැඩක් නැහැ බන්.. එකී එක පාරක් මට කැමති කිව්වොත් ආයේ මගේ මරණෙටවත් බැරි වෙයි මාව එයාගෙන් වෙන් කරන්න..
මන් උබේ පුංචි කාලෙ ඉදන් යාලුවා බන්.. හැබැයි කිසිම කෙල්ලෙක්ට දිනා ගන්න බැරි වුනු උබේ හිත මේ එක පුංචි කෙල්ලෙක් පිස්සු වට්ටපු හැටි..
ආයු එලෙස සිතුවේ ඔහු තරම් තම මිතුරා ගැන දන්න වෙන කිසිවෙකුත් නොමැති නිසාය..ඕයි අන්න උබේ සුරන්ගනාවි එනෝ..
කෑ නොගහ ඉදපන් යකෝ නැත්තම් අදත් ඔරවගෙන යන්න යයි..
ඕයි අන්න එකී මේ පැත්තට එනවා යකෝ..එහෙනම් කොල්ලෝ මං කැපුනා.. උබ ශේපෙට වැඩේ කරගනින්..
ම්..මේ..මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ..
හ්ම් ඔව් කියන්න..
මෙහෙම පාරේ..
ඕහ් සොරි ඔයා කැමති නම් අපි ඔය එහා පැත්තෙ තීන කෝෆි ශොප් එකට යමුද..
හ්ම් හරි..
මද සිනහවක් පා එසේ පැවසූ යුවතිය ඔහුත් සමගම පාර පැන කෝෆි ශොප්හි මදක් නිස්කලංක තැනක අසුන් ගත්තේ ලොකු කතාවකට මුල පුරමින්ය..ඉතින් කියන්න..
ම්..මේ..මම..................................................................
ඉතින් එයාල කතා කරේ මොනවද කියන එක අපි ඊළග chapter එකෙන් බලමු..❤️✨
කතාව කියවලා ඔයාලට හිතෙන දේත් ඔයාලා මේ කතාවට කැමති ද නැද්ද කියන එකත් කතාවෙ තීන වැරදි අඩුපාඩුත් comment කරන්න අමතක කරන්න එපා..
මොකද ඉස්සරහට කතාව ලියන්න මට ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා..🥺❤️Thishiii..✍
YOU ARE READING
HeartBeat (ප්‍රේමයේ හෘදස්පන්දනය~💓❤️🩹)
Fanfictionසාරා අශ්නි රණවීර කුඩාකල පටන් දෙමාපිය සෙනෙහස අහිමිව අනාත නිවාසයක් තුළ හැදී වැඩුණු ඇය බොහෝ අහිංසක රූමත් යුවතියකි.. අභී රදිව් දිසානායක රටෙහි ඉහළ පෙලෙහි ව්‍යාපාරිකයෙකුගේ එකම පුත්‍රයා වූ ඔහු බොහෝ කඩවසම් තරුණයෙකි.. මේ කතාව ටිකක්...