හ්ම් හරි..
මද සිනහවක් පා එසේ පැවසූ යුවතිය ඔහුත් සමගම පාර පැන කෝෆි ශොප්හි මදක් නිස්කලංක තැනක අසුන් ගත්හ..ඉතින් කියන්න..
...........................................................................................................................................................................ම්..මේ..මම දන්නවා ඔයා මට කැමති කියලා වගේම මේ අවුරුදු 04 පුරාම ඔයා හැමදාම මෙතනට ආවා.. ඒ වගේම මං ගැන හොයලා බැලුවා කියන්නත්.. ඒ වගේම ගෙදරට වෙනකම් ම මගේ පස්සෙන් ඇවිත් මං පරිස්සමින් ගෙදර යනකම් බලන් ඉදියා කියන්නත්..
හ්ම්ම්ම්.....
ඉතින් මේ මුලු කාලේ පුරාම මගේ පස්සෙන් ඉදපු ඔයා මං ගැන විස්තර නොදන්නවා වෙන්න බැහැනේ.. නේද?
හ්ම් ඔව්..
ම්ම්..
ලොකු හුස්මක් අතහැර දැමූ යුවතිය මුල පිරුවේ ලොකු කතාවකටය..ඉතින් ඔයා හිතනවද ඔයා වගේ ලොකු පවුලක කෙනෙකුට මන් වගේ අනාථ කෙල්ලෙක් ගැලපෙයි කියලා..ඊටත් වඩා ඔයාගේ පවුලේ අය මට කැමති වෙයිද අභී?
එවර නම් යුවතිය ඔහු වෙත හෙලුවේ ප්‍රශ්නාර්තයක් සහිත බැල්මකි..ඔහුගේ දැඩි නිහඬ බව හමුවේ යුවතිය නැවත හඩ අවදි කලේය..අපි දැන් university යද්දි ඉදපු පොඩි ළමයි නෙමෙයි අභී.. අපි දැන් ජීවිතේ වගකීම් ගොඩක් අතර හිරවුනු මිනිස්සු.. අපිට දැන් අවුරුදු 25ක් අභී.. ජීවිතේ බරපතලකම තේරෙන වයසක ඉන්නෙ දැන් අපි.. ඔයාටත් වඩා හොදට මේ ජීවිතේ මොනතරම් අමාරුයි ද කියන්න මට තේරෙනවා.. මොකද මට මගේ කියලා කවුරුත් නැහැ මට ඉන්නෙ මම විතරයි..ඉතින් මට දැන් ඕන කොහොම හරි ජීවත් වෙන්න..මම මේ ජොබ් එක කරන්නෙත් මගේ වියදම් පිරිමහගන්නම විතරයි..ඉතින් මං වගේ දුප්පත් අනාථ කෙල්ලෙක් ඔයාට ගැලපෙයිද අභී..
මෙතෙක් වෙලා නිහඬව යුවතියගේ වදන් වලට අවදානය යොමු කල ඔහු...,
ඔයා ඔය කියන්නේ පවුල,සල්ලි වගේ දේවල් ගැන නම් ඒ හැමදේම මට තියෙනවා සාරා.. ඔව්,දැන් අපි පොඩි ළමයි නෙමෙයි ඒ නිසා තමයි මන් ඔයාට ආදරේ කරන්නේ..
එවර නම් ඔහුගේ හඩෙහි පැවතියේ බොහෝ ආදරණීය බවකි..
ඉතින් මං බදින කෙල්ලටත් ඔය දේවල් තියෙන්නම ඕන කියලා දෙයක් නැහැනේ.. අනික මං ඔයාට ආදරේ කරන්න පටන් ගත්තෙත් අද ඊයෙක නෙමෙයිනේ සාරා.. ඉතින් එදාමයි මං තීරණේ කරේ කවදාහරි මගේ wife වෙනවනම් වෙන්නේ ඔයාම විතරයි කියලා සාරා..ඒත් ඔයා හිතනවද අභී..ඔයාගේ පවුලේ අය මාව එයාලගේ දුවෙක් විදිහට පිළිගනීවි කියලා..
ඔයා කැමති නම් මට ඒ කිසිම දේකින් වැඩක් නැහැ..
එවර නම දේහදාරියාගේ හඩෙහි පැවතියේ මදක් නොරිස්සුම් බවකි..ඒත් දෙමාපියෝ නැතුව ජීවත් වෙන එක ඔයා හිතන තරම් ලේසි නැහැ අභී.. මං නිසා ඔයාට ඔයාගේ පවුලේ අයව නැති කරන්න මට බැහැ..
එලෙස පැවසූ යුවතිය ඇගේ කදුලු පිරි දෑස් ඔහුගෙන් සගවාගෙන එතැනින් ඉක්මනින් පිටවීමට සැරසුනිද ඔහුගේ ශක්තිමත් බාහුවක් ඇයව නවතනු ලැබිණි..මාව දාලා යන්නද හදන්නේ සාරා..
කුඩා දරුවෙකු සේ තම දෑතේ වෙලී හැඩුම් ස්වරයකින් එලෙස විමසන දේහදාරියා පිලිබදව ඇගේ සිතෙහි උපන් වේදනාව ආදරයක් සේ පිටතට පැමිණීමට ප්‍රතම ඔහුගෙන් අත මුදවා ගත් ඇය ඔහුගේ දෑසෙන් මිදුනි..එකතු වෙන්න බැරි බව දැන දැනම අපි අපේ හිත් රවට්ටන්නේ නැතුව වෙන්වෙන එක හොද නැද්ද අභී..
ඔයාට ඒක නම් වෙන්න ඕනි ඔයාට සදහටම මගෙන් වෙන් වෙන්න පුලුවන් වෙයි සාරා..
එසේ පවසා වියරුවෙන් මෙන් නැගී සිටි දේහදාරියා මාර්ගය වෙතට ගමන් කරනුයේ අවට කිසිවක් ගැන තැකීමකින් තොරවය..
ඔහු පසුපසම දුව ආ යුවතිය දුටු දෙයින් ඇගේ දෙපා පණ නැති වී යන බවක් ඇයට දැණිනි..වේගයෙන් දාවනය වූ මෝටර් රථයක් දේහදාරියා දෙසට එමින් තිබුනේ කාහටවත් සිතීමට හෝ වෙලාවක් නොතබාය..
අ..භී..අභී..please ඉක්මනින් ඔතනින් අයින් වෙන්න.. අභී pleaseeee.. අභී I L.............................................................
ඉතින් සාරා මොකක්ද කියන්න හැදුවේ කියලා දැනගන්න අනිවාර්යයෙන් ම chapter 03 එකත් එක්ක එකතු වෙන්න..❤️🙃
අද බෝනස් එකක් දෙනවා..🥰Thishiii..✍
YOU ARE READING
HeartBeat (ප්‍රේමයේ හෘදස්පන්දනය~💓❤️🩹)
Fanfictionසාරා අශ්නි රණවීර කුඩාකල පටන් දෙමාපිය සෙනෙහස අහිමිව අනාත නිවාසයක් තුළ හැදී වැඩුණු ඇය බොහෝ අහිංසක රූමත් යුවතියකි.. අභී රදිව් දිසානායක රටෙහි ඉහළ පෙලෙහි ව්‍යාපාරිකයෙකුගේ එකම පුත්‍රයා වූ ඔහු බොහෝ කඩවසම් තරුණයෙකි.. මේ කතාව ටිකක්...