Part 03💛

399 59 81
                                    

"කෙයිලාන්....කෙයිලාන් දොර ඇරපං"

"කෑ ගහන්නෙ ඇයි?"

"දොර ඇරපංකො ඉස්සෙල්ලාම"

"ඉදපං ටිකක්...මම තුවාය පිටින් ඉන්නෙ"

"මෙන්න මේක ඇරපං හු#තො! දෙන්නට ජාති දෙකක් නෙවෙයිනෙ තියෙන්නෙ"

අව්දීප්ගෙ කන් කරච්චලේ අහගන්නම බැරි තැන කෙයිලාන් කලිසමකට මාරු වෙන ගමන් දොර අරිද්දි අව්දීප් කාමරේ ඇතුලට කඩාගෙන පැන්නා.හවස හතත් පහු වෙනකං මන්ධාර ගැන හිත හිතම නිදාගත්තු කෙයිලාන් නාගෙන කරගෙන ඉවර වෙද්දි රෑ අටට කිට්ටු වෙලා තිබුනා.කෙයිලාන්ගෙ ඇඳ උඩින් වාඩි උනු අව්දීප් කෙයිලාන් දිහා තියුණු විදියට බලන් ඉද්දි කෙයිලාන් ආපිට රවන ගමන්ම බෑගය ඇදලා ඇඳුමක් හොයන්න පටන් ගත්තා.

"මේ"

"ම්ම්ම්ම්...."

"උබ අර පොඩි එකාට මොනාහරි කිව්වද දවල්?"

"මොන පොඩි එකාද?"

"සස්මික මල්ලිට....මෙහෙ පොඩි උන් ගොඩක් නෑනෙ ඕයි"

"ඕහ්හ්....අර බෝල ඇස් තියෙන පොඩි එකා"

"උඹ ඒ ටිකට එව්වත් බැලුවද?"

"ඇස් දෙක තමා ඉස්සෙල්ලාම නෝට් වෙන්නෙ කොල්ලගෙ"

"හරි එව්වගෙන් වැඩක් නෑ....උබ ඒ පොඩි එකාට මොනාහරි කිව්වද?"

"නෑ අව්දීප්...ඇයි එහෙම අහන්නෙ?"

"පොඩි එකා හවස අඬාගෙන ගියා ගියාමලු...තාම ඇවිල්ලා නෑ"

"අ....අඩාගෙන?"

"ඔව්"

"දන්නෑ මම....නිදිද දන්නෑ"

"නෑලු....රෑට උයන වෙලාවට මොන ලෝකෙක දඟල දඟල හිටියත් කොල්ලා බංගලාවට එනවලු...අනේ මංදා"

"හ්ම්ම්ම්.....දන්නෑ අව්දීප්....බලමුකො"

"හරි....ලෑස්ති වෙලා පහලට වරෙං...ටිකකින් ඩිනර් එක ගන්නවා කිව්වා"

"හරී...."

කෙයිලාන් සාමාන්‍ය විදියටම කතා කර කර ඇඳුම ඇදගනිද්දි අව්දීප් කෙයිලාන් දිහා බලල ඔලුව වනලා කාමරෙන් එලියට ගියා.අව්දීප් වහගෙන ගිය දොර දිහා බලලා අහක බලාගත්තු කෙයිලාන්ගෙ අවධානය යොමු වුනේ හවස මන්ධාර ගෙනත් තිබ්බ ලේන්සුව දිහාට.ලේන්සුව අතට ගත්තු කෙයිලාන් ලොකු හුස්මක් උඩට ඇදලා ලේන්සුවෙන් එන සැවැන්දරා සුවඳ විඳින ගමන් කාමරේ තිබුණු ජනෙල් තුනකින් සමන්විත උනු ජනෙල් පෝලිමේ කොණේම ජනේලෙ ලගට ගිහින් හිටගත්තා.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 08 ⏰

Add this story to your Library to get notified about new parts!

අවාරෙක මල්...Where stories live. Discover now