හද එළිය තිර රෙදි අතරින් කාමරේට වැටෙද්දි ..ඒ හද එළිය දිහා බලන් මම කල්පනා කලේ හෙට දවස මොන වගේ වෙයිද කියලා.. අද දවස කොච්චර කටුක විදිහට ගෙවුනත් මට හෙට ගැන බලාපොරොත්තුවක් තිබුනා.. හෙට දවස ගැන කල්පනා කර කර ඉද්දිම මට නින්ද ගියෙ ඇගේ මහන්සියයි හිතේ මහන්සියයි දෙකම එක්කාසු වෙලා.
මගේ ජීවීතේ අනිත් හැමෝගෙම ජීවත වගේ ලස්සන දේවල් ලස්සන විදිහට පේන ජීවිතයක් නෙවෙයි . හැම දවසක්ම ගෙවුනෙ වැඩි වුන ප්රශ්නත් එක්ක . මගෙ නම මින්දුල්ය අහස් පෘථිවිනායක . මට අවුරුදු 23 යි . අවුරුදු 23 ට සමාජේ ඉන්න අනිත් පිරිමි ළමයින්ට සාපෙක්ශව මම ඕනවටත් වඩා අත්දැකීම් ලැබුවා . හැමදේම ලස්සනයි කියන ලේබල් එක ගහන්න බැරි වුනත් මම උත්සහ කරනවා ඒ දේවල් එක්ක මේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න .
මට ඔයාලා හැමෝටම ඉන්න අම්මා තාත්තා කියන දෙන්නා නැ . මම දන් නැ එයාලා කවුද කියලවත් . අවුරුදු දහ අටක් අනාත නිවාසෙක හැදුන මම දහ අටෙන් පස්සෙ අනාත නිවාසෙන් හම්බුන පොඩි මුදලත් අරන් මං ආවේ අනාත නිවාසෙ මෑම් මගෙ අතට දුන්න ගෙදරක යතුරත් අරගන . මම මට පුලුවන් උපරිමයෙන් ඉගනගත්තා . මොකද මම දන්නවා මේ ලෝකේ මට කියලා කවුරුත්ම නැ කියලා . කවදා හරි මට මේ වගේ ජීවීතේක තනිවෙන්න මගේම ජීවිතේ බර මගෙ කරට ගන්න වෙනවා කියලා මං දැනගන හිටියා . තනියම ජීවීතේ ගැටගහගන්න් මම ශක්තිමත්ව ඉන්න ඕනේ කියන දේ මං දැනන් හිටියා . එහෙම නොවුනනම් මං අද පාරක් පාරක් ගානේ හිගාකනවා .
Morning 🥀
අද මම මේ සතියට යන කීවෙනි සම්මුඛපරීක්ශනේද කියන්න මට මතකත් නැ .අද මොන වගේ දේවල් සිද්ද වෙයිද මේක හරියයිද කියන්න මං දන් නැ . මං ලග දැන් වෙද්දි කන්නවත් හරියකට සල්ලියක් ඉතුරු වෙලා නැ . මේ රස්සාවවත් හම්බෙන්න කියලා ප්රාර්ථනා කරපු මම ඉක්මනින් ලෑස්ති වෙලා ගෙදරින් පිටත් වුනේ ඕන කරන ෆයිල්ස් ටික අරගන .
අද මම යන්නෙ ලියෝරන්ස් රජ මාලිගාවේ තියන සම්මුඛ පරීක්ශනයකට . ලියෝරන්ස් රජ මාලිගාව කියන්නෙ ලංකාවේ සැගවුන අතීතයක් වලලලා තියන ගුප්ත තැනක් කියලයි මිනිස්සු කතා වෙන්නෙ . මට ඔය දේවල් වැඩක් නැ . මට ඇත්තටම මේ වෙලාවෙ ඕනේ රස්සාවක් . පොඩි පෝස්ට් එකක් වුනත් මේ මාලිගාවේ නිසා ගොඩක් ලොකුවට සුදුසුකම් පවා ඉල්ලලා තිබුනා . මීට වැඩිය දෙයක් මගේ ජීවිතේට කර ගන්න මම ආසයි . මගෙ හීනේ සිගර් කෙනෙක් වෙන එක . ඒත් සමහර දේවල් මිනිස්සුන්ට හීනයක්ම වෙනවා ඒ රට ඇතුලෙ හැදිලා තියන සමාජ තත්වෙත් එක්ක .
YOU ARE READING
24 FANTASY [BL]
Fantasyඉතිං අදුරෙන් ශාපලත් ස්වර්ගීය තෑග්ගෙන් ලැබුණු අලුත් බලාපොරොත්තුවකට පස්සෙ ඇතෑන්ස් කන්ද මුදුනට වෙනකම් ඔයත් එක්ක ඇවිදන් යන්න ඕනේ ... ඒ අතරෙ අ~යියෙ කැලෑ පාරේ ඩැෆොඩිල් පිරිලා තියන වගුර ලගට යමු.... කියලා මම පටන් අර ගත්ත කතාව "හරිත මිටියාවතට යමු මින්දුල්...