Part 0.2

44 4 0
                                        

සීත කාලේ ලං වෙන්න හින්දද මන්දා සීතලයි..සාමාන්‍යයෙන් හවස් වෙද්දි පවා එන්නේ මුලු ඇගම හිරිවැටීගෙන යන සීතලක්..

"අම්මා මන් තාත්තාගේ ගෙදර යනවා..ආය හෙට උදේට හරිද එන්නේ.."

තද කලු ජැකට් එකකුත් ඇදලා අයිස් කැප් එකකුත් දාගෙන ගෙයින් එලියට බහින ගමන් මන් අම්මට කෑගැහුවා..ඒත් ඉතින් ආපස්සට අම්මගෙන් උත්තරයක් නම් ලැබුනේ නෑ.. සමහරවිට අම්මට ඇහෙන්න නැතුව ඇති සමහරවිට යන්න එපා කියන්න බැරි කමට ඇහුනේ නෑ වගේ ඉන්නවා ඇති..

මන් ඉන්නේ  දකුණු ඇමරිකාවේ #####     වල.. තරමක් ජනාකීර්ණ ප්‍රාන්තයක්..මගේ පවුල ගැන කිව්වොත් මට ඉන්නේ අම්මයි තාත්තායි අයියයි.. ඒත් අද වෙනකොට මන් ගාව ඉන්නේ මගේ අම්මා විතරයි.

මගේ තාත්තායි අයියයි දෙන්නම කෘතිම බුද්ධි රොබෝ නිර්මාණ විද්‍යාඥ්ඥයෝ දෙන්නෙක්.. මන් දන්න විදිහට නම් රජයට වුවමනා එක එක විදිහවල් වල රොබෝවරු රහසිගතව නිර්මාණය කරන දෙන්නෙක්.. ඒත් මීට හරියටම අවුරුද්දකට කලින් ඒ දෙන්නම හදිසි අනතුරකින්.. මන් හිතන විදිහට නම් ඒක මිනීමැරුමක්.. අන්න ඒකකින් මේ ලෝකෙන් යන්න ගියේ නොවිසදුනු අභිරහසක් විතරක්ම ඉතිරි කරලා..

මේ වෙනකොට හවස හතරට කිට්ටු ඇති.. අදත් උදේ පාන්දර එහා ගෙදර පොඩි එකා එක්ක මරාගත්තු පාර වැදිච්ච ගල් ගෙඩියකින් මගේ දකුණු අතත් බැන්ඩේජ් වෙලා තියෙද්දි මොකාද වගේ අතත් ඔතාගෙන මන් හෙමිහිට තාත්තාගේ ගෙදර තියන තැනට ආවා..

මේ ගෙදර සාමාන්‍ය ප්‍රමාණයේ ගෙදරක්..හරියටම කිව්වොත් මේ තියෙන්නේ අපේ තාත්තාගෙයි අයියගෙයි secret lab එක.. එයාලගේ රහස් හැම එකක්ම ගානේ හැංගිලා තිබ්බ බොහොම රහසිගත විද්‍යාගාරයක්..

'වෝහ් එහෙනම් මන් ඔයාලාව ආයෙමත් බලන්න ආවා..

තාත්තා..

අයියා.. "

මොන හේතුවකටද මන්දා ගෙදර ලොක් එක මගේම ෆින්ගර්ස් ප්‍රින්ට්ස් වලින්ම unlock වෙන්න තාත්තා හදලා තියෙද්දි මන් වෙනදා පුරුද්දට වගේ තාත්තාටයි අයියටයි කතාකරගෙනම ගේ ඇතුලට ආවා..

ඒත් පාලුයි..ඉස්සර නම් මන් මේ ගෙට ගොඩවෙන සැනින්ම තාත්තාගෙන් අයියගෙන් උනුහුම් වැලදගැනිමක් ලැබුනත්... අද තියෙන්නේ පාලු හිස් ගෙදරක පිරිලා ඉතිරිලා ගිය මූසල ගුප්ත හැගීමක් විතරයි..

No.08.05 (YZ)Where stories live. Discover now