2

728 104 6
                                    



"සිහින......"

"මම මිදුලෙ සෙනූ..."

"මොකද අනේ මේ රෑ මෙතන කරන්නේ..."

දින සති ගෙවිලා ගිහින් සෙනුරිගෙ දරු ගැබට මාස තුනක් සම්පූර්ණ වෙලා තිබුණා, මේ දවස් වල සෙනුරි ඉන්නෙ ටිකක් අපහසුතාවයෙන් උනත් එයා රැකියාවට යන එක නතර කලේ නෑ, මොකද ඒක තමයි එයාගේ ජීවිතේ සිහිනට පස්සෙ තියන වැදගත්ම දේ වෙලා තිබුනෙ... සිහින කවදත් සෙනුරිගෙ තීරණ වලට ගරු කලා, ඉඩ දුන්නා... මේ තවත් එක්තරා සතියේ දවසක්, දෙන්නම වැඩට ගිහින් ඇවිත් රෑ කෑම කාලා ඉවර වෙලා සෙනුරි ටිකක් ටීවී බලන අතරෙ සිහින මිදුලට ගිහින් තණකොළ අල්ලපු කොටසෙ තියන ගල් බංකුවට වෙලා අහස දිහා බලාගෙන හිටියා...

"මුකුත් නෑ සෙනූ..."

"බොරුකාරයා... මුකුත් නැත්නම් ඔය ඩයරිය මොකටද අතේ තියන් ඉන්නෙ සිහින... කාලෙකට පස්සෙද මන්දා..."

"ම්න්... අපේ වෙඩින් එකට කලින් දවසේ ලිව්වට පස්සෙ අද තමයි ලිව්වේ..."

"දැන්වත් මට ඕක පෙන්නන්න බැරිද සිහින..."

සිහිනගෙ පිළිතුර උනේ බෑ කියන එක නිසාම එයා ඩයරියට ලොක් එක දාලා ඔලුව දෙපැත්තට වනලා අහිංසක විදිහට හිනාවක් පා කලා... සිහින අවුරුදු දාසයේ විතර ඉදලා එයාගෙ ඩයරිය ලියන්න පුරුදු වෙලා තිබුනා... හැමදාම ලිව්වෙ නැතත් එයාගේ හිතට දුකක් පාලුවක් සතුටක් ඇති උන වෙලාවට එයා ඒවා ඩයරියේ අකුරු කලා, එයා අතින් නිසදැස් පවා ලියවිලා තිබුනා, ඒත් කවදාවත් කාටවත්ම මේ ඩයරිය බලන්න අවසරයක් නම් තිබුනේ නෑ, අඩුම සෙනුරිට පවා අදටත් අවසර නෑ...

"හරි නරකයි..."

"මට කියලා මෙච්චරයිනෙ සෙනූ පුද්ගලික දෙයක් කියලා තියෙන්නේ..."

"අපෝ හරි හරි අනේ, ආයෙම පරණ ටේප් එක දිග අරින්න එපා, මට බලන්න ඕනේ නෑ..."

"තෑන්ක්ස්..."

"මේ ඒයි..."

සෙනුරිගෙ බටර් මිශ්‍ර කටහඬ නිසා සිහින දුන්නෙ ඒ පාර මොකද්ද කියන්න වගේ ප්‍රශ්නාර්ත බැල්මක්...

"ඕකේ මන් ගැනත් ලියලා තියනවද...?"

සෙනුරි ඒක අහපු විදිහට සිහිනට පුංචි දුකක් ඇති උනත් එයා ඒක පෙන්නුවෙ නෑ...

Locked feelings  ☑️Tempat cerita menjadi hidup. Temukan sekarang