අරලිය ගස් පේළියත් එක්ක තියන පටු පාරත් ඊට මෙහා පැත්තෙ තියෙන හුරු පුරුදු පිට්ටනියත් දිහා බලාගෙන මම හිමීට ඇවිදගෙන ඉස්සරහට ගියා.ලාවට මීදුම බැදිච්ච පරිසරයත්,ඉර පායගෙන එන නිසා අහසෙ මැවිච්ච "මායාකාරී" කහ පාටත් හරි හුරුපුරුදු බවක් දැනුනා ,ලස්සන මතක ලාවට ස්පර්ශ කරන හැටි දැනුනා,පිට්ටනිය දිහා බැලුවම හුරුපුරුදු උද්යෝගෙකුත් එක්ක පපුවෙ පැත්තක වේදනාකාරී හිරියක් ඇති වෙලා,නැති වෙලා යන හැටිත් දැනුනම මගේ කට කොනට පොඩි හිනාවක් ආවා.මේ පාරෙ මම දහස් වතාවක් ඇවිදින්න ඇති ඒත් දිවුරන්න පුලුවන් මට, ඒ හැම සැරේකටම වඩා මේ මොහොත හරි රහයි! අවුරුදු 10කට කලින් මම මේ විදිහටම මෙතනම ඉදගෙන පිට්ටනියෙ තිබ්බ එක එක විදිහෙ "මතක"එකතු කරගත්ත දවස් ඕනතරන් ඇති,
*බ්ර්ම්ම්ම්*
notifications
Ayu💣❤️
මම එන ගමන්..ඔයා කොහෙද?Iscole...amba gaha gavata enna- me
ඒවගේම 'එයා' එක්ක හරිම ආදරණීය විදිහට ගත කරපු මොහොතවල්,කතාවල් ඕනතරම් මේ ගහ අහගෙන ඉන්න ඇති,සමහර විට මතකත් ඇති! එකම එක තත්පර ගානක බැල්මක්/පුංචිම පුංචි ඒත් ලයාන්විත හිනවක් වෙනුවෙන් මෙතනට වෙලා කල් මරපු දවසුත් ඕන තරම් ඇති. 'ආයු' මගේ ආයූර් එක්ක මම ආපු ගමන ආපහු හැරිලා බැලුවොත් 'තනිකර භූමි කම්පාවකට අහු වෙච්ච පුංචි දිය පාරක්".........................................
o_O
🌝❤️ මගේ පලවෙනි කතාව හලෝව්...කොමෙන්ටුවක් කොටන් යන්ට..
#loveyah..