epi 2

20 2 0
                                    

" ඒ චූටි කෝ මේක බීලා නිදාගන්නව..යකෝ මම හෙන අමාරුවෙන් හැදුවෙ.."

"ම්ම්හ්හ්හ්.."

"කෝ...කෝ...නැගිටපිය.."

අපේ අයියතුමා ඉන්නව නේ...මුට පුදුම අමාරුවක් තියෙන්නෙ මම නිදාගන්නවට..හැමදාම ඇහැරවනවා...අයියා එක කෝප්පයක් මට දීලා ඇදේ අයිනට වෙන්න වාඩි උනා..

"අද මොනාද පංති තිබ්බේ?"

"ගණිතයයි,දෙමලයි"

"ම්ම්..අම්මා එනකොට හෙට උදේ වෙයි කිව්වා.."

"අද රෑට නයිටක් අදින්න හිතාගෙන ඉන්නෙ.."

"ආ...මටත් වැඩ වගයක් තියෙනව කොහොමත්.."

"කොහොමද අලුත් බ්‍රාන්ච් එකේ වැඩ.."

"අවුලක් නෑ...vacation එකට යන්න...ඔයා ආස වෙයි.."

"අයියේ...මේ...."

"තමුසෙ ඔය මොකක් හරි දඩයක් ගහන්නද යන්නේ..."

"නෑ නෑ අනේ...අද රෑට මොනා හරි ගෙන්නගෙන කමුත...ඈ....හාද..."

"නෑ...නෑ...අම්මා උයලා ගියේ...බෙදාගෙන කාපං...යකෝ උඹ දවසට කොච්චර කඩචෝරු කනවද කියපං...ඩයට් ප්ලෑන්ස් කැලේ...."

"දුවන පයින ලමයි උනහම හොදට කන්න ඕන...තමුසේ දැං මට කන්න දෙන්නෙ නෑ නේ...එහෙමනෙ...ඉදාං මං කියනව අම්මට.."

"කියන්න බැයිනං නටාගනිං"

මගෙ ඔලුවටත් එකක් ගහලා...අතේ තිබ්බ කෝප්පෙත් අරගෙන, අයියා නැගිටලා යන්න හැරුනා...

"ආ...තව පොඩ්ඩෙං අමතක වෙනවා..තමුසෙට පොඩි තෑග්ගක් ගෙනාවා,සාලෙ මේසේ උඩ ඇති.."

"ඈහ්හ්..අඩො අයියෙ සිරාවට..."

මම සැනින් එසැනින් අයියවත් පහුකරගෙන සාලෙට දිව්වා..ගෙදර ගෙනාපු බඩුයි අරවයි මේවයි අතරේ...මුණසිංහ බුක්ශොප් එකේ කවරයක්...Game of thrones පොත් සෙට් එක..! මං විනාඩි පහක් විතර ඒ දිහා ඇසුත් ලොකු කරගෙන කටත් ඇද කරගෙන බලා ගෙන ඉන්න ඇති..

"අඩෝ අඩෝ ලොකූ...තමුසෙට මං ආදරෙයි ඕයි..."

කුස්සියෙ හිටපු අයියගෙ කරට පැනලා හග් කරහම ඌ පස්සෙට දෙකක් ගහල මාව පන්න ගත්තා,දැගලිල්ල වැඩී කියලා..

කාඹරේට ගිහිල්ලා ඒ සෙට් එකටම ඉටි කවරත් දාලා ඇද එහා පැත්තෙ book shelf එකෙං තිබ්බා, 11 වසරෙ 2nd term exam එක ලබන මාසේ..දැම්ම ඉදං ටික ටික බලාගත්තෙ නැත්තං පලාත් තරගත් එක්ක වැටුනහම මුකුත් කරගන්න වෙන්නෙ නෑ...

පැයකට පස්සෙ වදින විදිහට එලාම් එකත් තියල වැනි වැනි ගිහින් ඇදට වැටුනා...හම්මේහ්හ්හ්හ්හ්...සනීපේඒඒඑහ්........එහෙම්මම ඇදේ එහා කොනටම පෙරලිලා ආයි මේහා කොනටත් පෙරලිලා ෆෝන් එක අතට ගත්තා...වට්සැප් එක පැත්තෙ රවුමක් ගහඃජයි යම්නේ...අඩෝ..මොකත මොකත් මේ ජාලෙ කැලඹිලා...

" Congratulations broo😈"

හෑමෝගෙම එකම වගේ ස්ටේට්ස් ගොඩා..ක් පේන්න තියෙද්දි මම මුලින්ම තිබ්බ එක ක්ලික් කලා....

ආහ්...අලුත් ක්‍රිකට් කැප්ටන්!

තලෙලු හමක් තිබ්බ හැඩි දැඩි වගේම...තියුනු බැල්මක් එක්ක ආඩම්බරකාර පෙනුමක් තිබ්බ අයියා කෙනෙක්..ආයූර්......ඉස්කෝලෙ ප්‍රසිද්දම චරිතක්..දවසක් දෙකක් එක එක වැඩ වලට කතාබහා කරල තිබුනත් කවදාවත් ඒක වචන දහයකටවත් අඩු මිසක් වැඩි නං නෑ..මට එයා ගැන තිබ්බේ...තදම තද කොල පාට හැගීමක්....

" චූටී... "

"ඕ......"

"මාත් ඉන්නව හරී...වැඩ වගයක් තියෙනෝ..."

අයියත් මොනාද මොනාද ෆයිල් තොගයක් අරන් ඇවිත් මගෙ මේසෙම්ම පැත්තකට වෙන්න තියාගත්තා...මේක උගෙ හැටි..ඒ දවස් වල ඉදන්ම විබහගෙට උනත් මම රෑ පාඩම් කරනව නම් අයියාත් මොකක් හරි වැඩක් උස්සන් ඇවිත් මාත් එක්ක ඉන්නවා...

"මං පොඩ්ඩක් නිදාගෙන නැගිටින්න බැලුවේ..."

"ආ..හරි.."

ඔක්කොම බැරි උනත් එදා දවසෙ කරන්න හිතං හිටපු ඒවගෙං ගොඩක් කරලා ඉවර වෙද්දී..පැත්තක අයියයි මායි බීපු එක එක බීම ජාතිවල කෝප්ප හතර වටේ තිබ්බා....මාත් වැනි වැනිම ගිහිල්ලා ඇදට වැටුනාම..අලියෙක් ඇවිල්ලා මගේ ඇග උඩට පත බෑවුනා...

" මොන මගුලක්ද අයියේ...තමුසෙගෙ කාඹරේට යනවකෝ..."

"අපෝ....කට වහගෙන නිදා ගනිම් චූටි...ගාන්ටාරෙ ගැහුවා වගේ කෑගහන්නෙ නැතුව..."

ඌ එහෙම කියලා ඔලුවෙ ඉදන් පොරෝගෙන අනිත් පැත්ත හැරිලා නිදාගත්තා...මාත් ඉතින් ඕන මගුලක් කියල ඇස් දෙක පියාගත්තා..ඔය මොන මගුල කිව්වත් ඌත් දන්නව මාත් දන්නව නිදාගෙන ඇහැරිලා බලනකොට එක්කො මං ඌව වෙලාගෙන...නැත්තං ඌ මාව වෙලාගෙන...
.............................................
💓<3
Ada poddayi haloow....ilaga eka digata dennam😘



YouthWhere stories live. Discover now