කාර් එක අපි ගාවින් ඇවිත් නැවැත්තුවත් හරි මම ශේප් එකේ බිම බලා ගත්තා....
හිරුන්.....නැගපං වාහනේට..
හරි! හරියටම හරි අද නං නප්පෙටම තද වෙලා...කේන්තිය පිරුනු ඒත් සන්සුන් හඩකින් අයියා කියන පමාවට මම වාහනේට නැග්ගා....දැං නං මගෙ බඩත් එක්ක දැවිල්ලයි....ගෑස්ටික් වැඩි වේගෙනත් එනවද මංදා....
මම නැග්ගත් අයියා තව විනාඩි පහක් විතර අර ප#යා එක්ක කතා කරල තමයි වාහනේට නැග්ගෙ....කොට ශෝටකට ආම් කට් එහෙකුත් දාගේන කලු කුමාරයා වගේ ඇවිත් තියෙන්නෙ...මට ඒ අස්සෙ හිනාත් යනවා... නින්දෙන් නැගිටල ඇවිල්ලද මංදා..
වාහනේ ස්ටාර්ට් උනා ....විනාඩි 2ක්.....4ක්.....5ක්....ම්හ්...මු නෙවේ මාව සත පහකට ගනන් ගත්තෙ...
PnS එකත් පහු උනා මූ වෙනදට නං මොනා හරි ඕනද චූටි කියලා නිකමට හරි අහනවා..අද ඒකත් නැහ්...පුහ්! ගෝතයා..කමක් නෑ ඉතින් මගේ වරදනෙ....ඔක්කොමත් හරි මට සීතලයි යකෝව්.....අර වෙලාවෙ පිස්සා වගේ තෙමුනට දැනුනෙ නෑනෙ..දැං නං පිට් තමයි..කමන්නෑ තව ටිහිකින් ගෙදරනෙ...
අයියෙ..කොහෙද මේ යන්නේ?
පුරුදු පාර පහු වෙලා යද්දිත් කිසිම වෙනසක් නැතුව ඩ්රයිව් කරන අයියගෙං මං ඇහුවෙ මුකුත් හිතාගන්න බැරිම තැන....අයිස් වෙලා යන්න තරං සීතලයි...කාර් එකෙ ඒසී එක ඕෆ් කරන්න හැදුවත් ඕෆ් කල පමාවව අයියා ආයෙම ඔන් කලා..
ඕහ්..පනිශ්මන්ට්ස්...ඒකද මේ..පුදුමයක් නෑ...අහපු ප්රශ්නෙටවත් උත්තරයක් නොදුන්නු තැන මම සපත්තු ගලවලා දාලා කකුල් දෙක සීට් එක උඩට ගත්තා...තාමත් වහිනවා කිසිම අඩුවක් නැතුව...එකාතකට දවස තිස්සෙම පිච්චිලා රෑට සැනසෙන්න පොලවට තියෙන වෙලාව තව ටිකක් දික් උනාට මොකද හෙටත් ආයෙම පිච්චෙන්න උනොත් එහෙම! ඒත් වෙනද වගේ මට අද වැස්සෙ ලස්සනක් පෙනුනෙ නෑ...තව කොච්චර වෙලා මෙහෙම ඉන්නද...මාව ගැහෙනව මදිවට දැං ඔලුව රිදෙනව...
අයිය දන්නව මට සීතලයි කියල..එයාට කේන්ති ඇති මං එකපිට කීයක් මුරන්ඩුකම් කලාද...ඒත් අයියෙ දැං ඇති...ඇස් වලට කදුලු පිරීගෙන එනව මට දැනුනා....දැං කොච්චර වෙලාද...එක වචනයක් කිව්වෙ නෑ..අඩුම තුවාල උනාද කියලවත්...බඩගිනිද කියලවත්..යනතැනක් හිතාගන්නත් බෑ වැස්ස නවතුන්නෙත් නෑ...වටපිට පේන්නෙත් නෑ පුදුම කලුවරයි....මම කකුල් වටේ බැදං හිටපු අත් තව තද කරගෙන දනහිස් උඩිං ඔලුව තියාගත්තා....
