Author povයශෝදරාලා දරාගත්
කන්ථකලා පලාගත්
කුවේණිලා අන්දගත්
මනමේලා මරාගත්
කන්නගීලා ගිනිතියාගත්
දස්කොන්ලා දිවි නසාගත්
ප්‍රේමණීයම හැගීමක් ඇත
මිනිස් සිත රිදවගත් !!!
( උපුටා ගැනීමකි )
" යසස්......සර් කැබින් එකට එන්න කිව්වා"
" එහෙමද "
මෙච්චර වෙලාවක්ම ෆයිල් එකක් චෙක් කර කර උන්න යසස් තමන් කර කර උන්නු වැඩේ නවත්තලා දාගෙන උන්නු කන්නාඩිය ගලෝන ගමන් මේස උඩින් තිබ්බෙ පනිවිඩය කියපු නතාශා යන්න යනකොට.....යසස් තිහංස සමරදිවාකර.....රටේ පිලිගත් ආයතනයක මැනේජවරයෙක්....අවුරුදු විසි පහක් වයස යසස්ට තිබුනෙ ලාවට කැරලි ගැහුන තද කලුපාට කොන්ඩයක්.....කෝපි පාට ඇස් දෙකක් එක්ක කැප්චිනෝ පාට දිලිසෙන හමක්......දාගෙන උන්නු කන්නාඩි දෙක හන්දා එක මොහොතකට ඒ රූපෙට පරිණතභාවයක් එකතු උනත් ඒක ගැලෙව්වහම කඩවසම් බවකට එහා ගියපු ලාබාල පෙනුමක් එකතු උනේ හරි අපූරුවට....දෙන වැඩේ මොකක් උනත් දැන් යන්නෙ තම ආයතන ප්‍රධානියා හම්බෙන්න හන්දම තමන්ගෙ මූනට වැටිලා තියන කෙස් රොදවල් පෝන් එකෙන් පේන ස්ක්‍රීන් එක දිහා බලාන එක අතකින් එහෙට මෙහෙට කරලා හදාගත්තෙ එහෙම දේකින්වත් තමන් හදන් හිටපු ප්‍රතිරූපය වෙනස් කරගන්න ඕන නැති නිසා
තමන් ඇදන් උන්නු ලා නිල් පාට ශර්ට් එකේ උඩ බොත්තම තියලා ගලවලා තිබුන අනිත් බොත්තම් දෙක දාගන්න ගමන් අතේ තිබුන ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙ දැන් කීයද කියලා දැනගන්න තිබුන ඕනකමට....හතරහ මාරයි.....මිනිත්තු කට්ට හරියටම හයේ ඉලක්කම උඩ නැවතිලා තියනකොට පැය කට්ට හතරත් පහත් අතර නැවතිලා තිබුනෙ හරියටම හතරහමාර වෙන්න.....තව එක සැරයක් කිසිම අඩුපාඩුවක් නෑ කියලා එයා තහවුරු කරගත්තෙ තමන්ගෙ කාමරේ වීදුරුවෙන් පේන තමන්ගෙම රූපෙ දිහා බලනගමන්
YOU ARE READING
මතක සිත්තම් 🏵🏵 (ONE SHOT ✔️✔️)
Literatura Faktuප්‍රේමය කියන්නෙම අයිතියකට නෙවෙයි......ප්‍රේමය කියන්නෙම දැනෙන තැන නතරවෙන එකත් නෙවෙයි....ඒක ඇවිත් හරි ලස්සන අව්‍යාජ හැගීමක් සමහර මිනිස්සුන්ට පුලුවන් ලැබීමක් නැතුවම ප්‍රේම කරන්න.....ඒ ඇවිත් සංසාර පුරුද්දද මංදා.....ඒ කොහොම උනත් මම කිව්වනෙ මේ ඇවිත් අයිති...