6.

132 18 5
                                    

කලින් විදියටම යන්නේ හිතළුගේ POV එකෙන්..

"ගිමන්.. වස්තු.. මහන්සිද ඔයාට"

ඊයේ පාන්දර හදිසි සර්ජරි එකක් ඉන්ෆෝර්ම් වෙලා මගේ කොල්ලා පාන්දර තුනයි ගාණකට හොස්පිටල් ගියා.. ඒ ගියපු පාර ආවේ උදේ නවයයි ගාණකට.. මට කිව්වා තිබ්බ සර්ජරි අද කැන්සල් කලා කියලා.. දැන් ඉතිම් දවල් එකත් පහුවෙලා.. ඒත් ඇඳට වැටුණු පාර ගිමන් තවම නිදි.. ඇහැරවන්නත් ලෝභයි..

"ගිමන්.. කාලා ඉන්න ළමයෝ.. තවම උදේට කෑවෙත් නැහැ නේ.."

හැල හොල්මනක් නෑ.. තදම නින්දක..

"වස්තු.."

"ම්ම්ම්ම්ම්.. අයියේ"

"මහන්සිද.. කාලා ඉමුකෝ"

ගිමන්ට නැඟිටින්න මං උදව් කළා.. වොශ් එකක් දාලා එහෙම්ම නිදාගෙන තියෙන්නේ.. ගිමන් ගෙදරට අඳින්නේ දණහිසෙන් පොඩ්ඩක් උඩට ශෝර්ට් එකයි, නෝර්මල් ටී එකයි.. හොස්පිටල් එක පුරාම ඉන්නේ දිගට ඇඳන් නිසා ගෙදරට සැහැල්ලු විදියට අදින්න එයා පුරුදු වෙලා ඉන්නේ..

"ම්ම්ම්ම්ම්..."

ආන් මේ බලන්නකෝ.. ම්ම්ම් ගාගෙන ආයේ මගේ අස්සේ තුරුළු වුණා.. මං ඉතින් ගිමන්ව බඳාගත්තා..

"කෝ කෝ.. මං කවන්නම් ඔයාට.."

"අයියා මට කවනවද.."

"මගේ කොල්ලට මං කවන්නැතුව වෙන කවුරු කවන්නද"

කවනවා කිව්වම නිදිමත් ගිහිල්ලා.. බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තියෙන ගිමන්ගේ කණ්ණාඩි දෙක මං අරන් ගිමන්ට දැම්මා..

"තුරුණි කෝ අයියේ.."

"අම්මා ළඟ.. යන් ඔයාව හොය හොය හිටියේ.. පස්සේ එයාව මං ඔයා ළඟින් තිබ්බම වස්තුගේ ඇඟ අස්සට රිංගුවා.. හරි හුරතලේ අනේ.. ඔයාගේ සුවඳ දැනෙනවද කොහෙද කෙල්ලට.."

මං කියන කියන වචනයක් ගාණේ ගිමන්ගේ මූණ වෙනස් වෙනවා.. එයා හරි ආසාවකින් අහන් ඉන්නේ..

"බලන්නකෝ අයියේ දැනටම එයා අපි ළඟට ඇවිත් දවස් අටක් වෙනවා.. ඉක්මනට ලොකු වෙනවනේ.."

"ඇත්ත වස්තු ඒ චූටි ඇඟිලි ඉක්මනට ලොකු වේවි.."

"බඩගිනියි අයියේ.. අපි කන්න යමු.."

"කඳුලු"✔Where stories live. Discover now