Author 's POV :
සෙනඟ මෑත් කරගෙන අමාරුවෙන් ආව කොල්ලෝ ටිකගේ ගමනේ කෙලවර වුණේ බෝම්බ ප්‍රහාරයෙන් ගරා වැටුණු කොච්චි කඩේ දේවස්ථානයයි.. මිහිපිට සුරලොවකට සමානව තිබ්බ මේ තැන දැන් වෙද්දි මිනිස්සුන්ගේ සෝ තැවුම් වලින් , ලේ පුසුඹින් පුරෝලා ගිහින්..
තියන තියන අඩියක් ගාණේ මෙතන එක් මිනිසෙකුගේ හුස්ම පොද පොළෝ තලයෙන් ගිලිහෙනවා.. යුද්ධෙකට තමන්ගේ සිරුර හුරු කරන් හිටියත් මේ වගේ වෙලාවකදි ඔවුන්ගේ හිතත්, පාදත් එකතැන නතරවෙලා තිබ්බා..
දැල්වෙන ඉටිපන්දම් සුවඳ වෙනුවට දැන් වෙද්දි මුළු දේවස්ථානේ පුරාවටම විහිදිලා තිබ්බේ බැතුමතුන්ගේ ලේ වල සුවඳ විතරයි.. ඒක සුවඳක්ද නැත්නම් ගන්ධයක්ද යන වග කිරලා මනින්නවත් බැරි තරමටම වාතාවරණය ගොඩක් නොසන්සුන්.. කතෝලිකයන්ගේ වත් පිළිවෙත් වලින් සැරසෙන මරිය තුමියගේ දේව ප්‍රතිමාව ලේ වලින් නැහැවිලා ගිහින්..
දේව යාඥාවලට වෙන් වෙච්ච බෙන්චස් පුපුරලා කැඩිලා බිඳිලා.. සමහරක් ඒවා කීතු කීතුවෙලා ගිහින්.. ඒ බෙන්චස් අස්සේ හිරවෙලා ඉන්න මිනිස්සුන්ගේ කෙඳිලිරි හඬ දෝංකාර දෙනවා.. ඉස්සරහ තියෙන අල්තාරය විනාශ වෙලා ගිහින්.. දේවස්ථානයේ වහල දරන් ඉන්න වගේ නිමවුණ කණුවල තියෙන කොන්ක්‍රීට් එක පවා පුපුරලා යන්න තරමටම මේ තත්ත්වය විශාලයි.. පපුවක් තියෙන මනුස්සයෙක්ට උහුලන්න බැරි තරමටම මේ දසුන දරුණුයි..
"තමන්වත් බේරගෙන.. අනුන්වත් බේරගන්න.."
පියවි සිහියෙන් මදක් ඈතට දිව ගිහින් හිටිය හිතළු, පිටිපස්සේ ඇස්වල පුදුමයත් ගැබ්ව දරාගන්න අමාරු දසුන දිහා බලාගෙන ඉන්න හමුදා සෙබලුන්ට අණ කලා.. දුන් අණ එපරිද්දෙන්ම පිළිගන්නා අධිෂ්ඨානයත් ඇතුව ඔවුනොවුන් විසිරුණා.. ඉන් ටිකක් ඈතට වී සිටින මේජර් ජනරාල්වරයා දුටු හිතළු, ඔහුටද ආචාර කොට විපතට පත් වූ ජනයා කෙරෙහි ඇස් යොමු කලා.. කිම්ද යත් මේ අවස්ථාව හුදෙක් තමන්ගේ ඉහළ නිළධාරියා සමඟ දොඩමලු වීමට නොව ; ජනතාව වෙනුවෙන් කැපවීමටය..
හිතළුට අනුව මේ හැමදේටම වගකිව යුත්තා රජයේ ඉහළ බලදාරීන්මය.. ඔව් එහි කිසිඳු වැරැද්දක් නොමැත..