Chapter 36

132 12 4
                                    

"අක්කේ සේරම හරි නේද එහෙනම්?"

"ඔව් සහී. අපි පැය දෙකක්ම කලින් ඇවිත්. ඔයාලට යන්න පරක්කු වෙනවද?"

"අනේ පිස්සුද අයේශා. අපි ඔයාලා යනකල් ඉදලම යන්නම්"

"පොඩ්ඩක් වාඩි වෙලා ඉමු එහෙනම්. අනේ කැලුම් මොනාහරි කන්න අරන් එනවද?"
"ඉන්න මම ගේන්නම්"

අපි ගෙදරින් ආවෙ පාන්දර තුනට වගේ. අපේ ෆ්ලයිට් එක තිබුනෙ උදේ හතට. සහේලි ආන්ටිට නයිට්‍ර්යිඩර් වැහිල වගේ ආව නිසා අපි පැය දෙකක්ම කලින් ආවා.. වෙනදා තායිලන්ඩ් යනවා කිව්වාම අම්මටසිරි වෙන සතුටකින් ඉන්න මම අද නිකන් ගෑනි මැරිච්ච මිනිහා වගේ. මම එක්කම පාන්දර දෙකේ ඉදන් අයියාත් අවදියෙන්. සැරින් සැරේට දැන් කොහෙද ඉන්නෙ, තව ගොඩක් වෙලා යනවද, මට හරිම පාලුයි, කොච්චර වෙලාවක් ෆ්ලයි කරනවද අනං මනං දාහක් දේවල් අයියා සැරින් සැරේට මට මැසේජ් දදා අහනවා.. ඊයේ එයත් එයාර්පෝර්ට් එකට එන්න ඕන කියලා මාත් එක්ක රන්ඩුත් උනා.. ඒත් මට ඕන උනේ නැ එයාව එක්කන් එන්න. මොකද එහෙම උනොත් මට තවත් සෑහෙන්න දුක හිතෙනවා.. හේතුවක් නැතුවම මගේ ඇස් වලට ඉබේම කඳුලු පිරුනා.. මෙතන තව ටික වෙලාවක් හිටියොත් මට ඇඩිලා ගෙදර අයට දෙන්න උත්තර නැතිවෙයි කියල මටම තේරුන නිසා මම මගේ එහා පැත්තේ වාඩි වෙලා හිටපු ලක්කාගේ අත හ්‍යියෙන් අල්ල ගත්තා . පොර ගැස්සිලා මගෙ දිහා බැලුවෙ හරියට හොල්මනක් දිහා බලන්න වගේ. හැමදාම වගේ මේ වෙලාවෙත් මගෙ හිත තෙරුම් ගත්ත ඌ මගේ අතින් අල්ලගෙන සහේලි ආන්ටිට කතා කලා.

"අම්මේ මං සිරිමල් එක්ක වොශ් රූම් එකට ගිහින් එන්නම්."

"හරි නෙලීශ"

ඌ එහෙම්ම්ම මගේ අල්ලන් හිටපු අතින් ඇදගෙන වොශ්රුම් එකට ආවා. වෙලාවේ හොදකම කියන්නේ ඇතුලේ කවුරුත්ම හිටියේ නැ. මට දැනුනේ මාව රික්තෙකට ඇදිලා යනවා වගේ. මාව හිස් වෙලා වගේ. ලක්කා මාව එක්කන් වොශ්රුම් එකේ කෙලවරටම ආවා. මෙච්චර වෙලා අමාරුවෙන් හිර කරන් හිටපු කදුලු මම දෙපාරක් නොහිතා ම එලියට දැම්මේ කිටි කිටියට ලක්කාව බදාගෙන උගේ උරහිසයි බෙල්ලයි අතරේ මූණ ගහගන්න ගමන්.

"උබට ඇති කියලා හිතෙනකල් අඩපන් අදිප "

අදීප.... ඔව්.. එයා කිව්වේ අදීප කියලා. දන්නවද.??? ලක්කා පොඩ්ඩක්වත් කැමතී නැ ඔය නම වෙන අය කියනවට. කොටින්ම කියනවා නං ඌ මගේ නමේ ආසම කොටස ඒකලු. මම ඔය නම එච්චර පාවිච්චි කරන්නෑ මූට ආස නැ ඒ නම වැඩිය කට්ටිය දැනගන්නවට. ලක්කා මට අදීප කියලා කතා කරන්නේ ෆුල් සීරීයස් වෙලාවල් වලට. නිතරම කියන්නෙත් නෑ. ඌට මාව ඕනවටත් වඩා තේරුම් ගිය වෙලාවට, මං වෙනුවෙන් ඌ ඕනම වෙලාවක ඉන්නවා කියලා මට දැනෙන්න අරින වෙලාවල් වලට ලක්කා මට අදීප කියනවා. ඒ නම කියනවත් එක්කම මගේ ඉකිය තවත් වැඩි උනා.

Aster Monarch Where stories live. Discover now