11🌷

25 5 6
                                    

කාමරේ ජනේලෙ ඇරුන වගේම එතන හිටියෙ එයා.. අත් දෙක දිගෑරලා හිරි ඇරපු එයා එළිය බලන් හිටියා... නෑ එයා වටේම ඇස් යවල අන්තිමට ඒ ඇස් මගෙ කාර් එක ගාව නැවතුනා..

එයා හරි හුරුබුහුටී..

පාන්දර පහට ඇහැරන් එයා මොකද කරන්නෙ කියල මගෙ හිතට ප්‍රශ්නයක් ආවා. ඒත් මං එයාගෙන් අහන්නද? තමුසෙ මොන මගුලද මෙහෙ කරන්නෙ ඇහුවොත්..නෑ නෑ ඕන්නෑ.. ශිට් ඩෝන්ට් බී අ ෆූල් යීබෝ..

මටම බැනගත්ත මම එහෙම්ම ජනේලෙන් කාර් එක දිහා බලන් ඉන්න එයා දිහා බලන් ස්ටයරින් වීල් එක උඩ ඔළුව තියාගත්තා..

"උඹ දන්නෑ ජාන්.. හනාහකි මිත්‍යාවක් විතරක් නොවුනා නම්.. මේ වෙද්දි මමත් දරුණු හනාහකි රෝගියෙක්..."

......🌷......

....ක් ටක් ටක්...

ටක්.. ටක්.... ටක්......

මාව ගැස්සිල ඇහැරුනා.. මං තාමත් හිටියෙ පාරෙ වෙද්දි ජාන් දිහා බලන් ඉඳපු මට සනීපෙටම පැය කීපයක් නින්ද ගිහිල්ලා තිබ්බා..

ජනේලෙන් එලිය බැලුව මම දැක්කෙ ජනේලෙට තට්ටු කරන ජාන්ව.. ශිට්.. මාට්ටුද දන්නෑ. නෝට් නොවී තියෙන්නෙ නෑනෙ. දැන් මෙතන මේක හෙන වෙලා නවත්තල තිබුනනෙ.

ජනේලෙ අරිනවද රේස් කරල යනවද කියල කල්පනා කරපු මම වින්ඩෝ එක හිමීට ඇරියෙ මාව දැකල ජාන්ගෙ ඇස් නළලට යද්දි.. මං හිතන්නෙ එයා මාව බලාපොරොත්තු උනේ නෑ. වචන අපි දෙන්නටම ගිලෙද්දි තව චුට්ටක් වෙලා මං දිහා බලන් හිටපු එයා කතා කරා.

"ඔයා?.. මොනාද මෙතන ක්-කරන්නෙ?"

උත්තර නැතුව එකතැනම හිරවෙන ප්‍රශ්නයක් එයා ඇහුව වෙද්දි මං ඔළුවත් කස කසා කියන්න දෙයක් කල්පනා කරා..

"අහ්..මේ..මං.. ම්ම්..ගෙදර යනගමන්. ඔව්.. ගෙදර යනගමන්.."

"නින්ද ගියාද"

මගෙ මූණට වැටිල තිබ්බ කොණ්ඩෙ මගෙ ඇස් වල ඇනෙද්දි මං මුළු කොන්ඩෙම තරහින් පස්සට විසි කරල දැම්මා.

"ම්ම්!"

මං හූමිටි තියද්දි එයා පාර දෙපැත්ත බලල කෙලින් උනා.

"ගේ ඇතුළට යමු. දෙයියන්ට පින් සිද්ධවෙන්න ඔයා පරිස්සමට වාහනේ නතර කරන්. ලෙඩ තියන් ඩ්‍රයිව් කරන්න හොඳ නෑනෙ."

"කමක්නෑ මම ගෙදර යන්නම් ජාන්"

"අයියෝ කමක්නෑ.. යමුකො ඇතුළට මං එක්ක"

"එහෙම්-"

"අනේ දැන්නම් තරහ යනව හොඳේ තේ එකක් බීල යමු ඔහොම්ම ඔයා ශූට් එකට යන්න ඕන නේ අද කම්පැනි එකේ.."

එයා අහද්දි මට ඒකත් මතක් උනේ. මං ඉක්මනට ෆෝන් එක ඔන් කරත් ආය අනික් පැත්තට ඕෆ් කරල දැම්ම එයාට මගෙ ස්ක්‍රීන් එක පෙන්නන්න ඌමනාවක් නැති නිසා..

......🌷......

වදෙන් පොරෙන් මම එයාගෙ ගේ ඇතුළට එද්දි ගේ හැමතැනම තියන ෆොටෝස් දිගේ මං ඇස් ගෙනිච්චා. එයාමයි හිටියේ.. මං හිතන්නෙ එයා ඉන්නෙ තනියම.

"ඉඳගෙන ඉන්නකො යීබො මම කොෆී එකක්වත් හදන්නම්.. ඔයා උදේට කාලද?"

"ම්හ්. නෑ ඒත් ප්‍රශ්නයක් නෑ."

"එහෙනම් අපි කාලම යමු මං මොනව හරි ලෑස්ති කරන්නම්. ඔයා ඉන්නකො."

එයා මං ගැන කරදර වෙනව. මට සතුටක් දැනුනා. කෝෆි එක ගෙනැත් මේසෙ උඩ තියපු ජාන් මං එක්ක කතාවට වැටුන..

මගෙ ෆෝන් එකට ආපු නොටිෆිකේශන් එකක් නිසා ස්ක්‍රීන් එක ඔටෝ ඔන් උනේ කොෆී එක බොන ගමන් ඉඳපු අපි දෙන්නගෙම ඇස් ඒ දිහාට යද්දි..

"ඒ- ක්-කව්ද?.."

.......................................🌷..........................................

Reunited SoulsWhere stories live. Discover now