අලුත් පාසලේ නව දිවිය.

131 7 2
                                    

Chapter 1-

•(මෙම කතා මාලාවේ ඇති ඇතැම් සිදුවීම් සත්‍ය වන අතර,ඇතැම් සිදුවීම් සහ සියලු නම් මන්ඃකල්පිතය)

❇️මෙය කියවන ඔබගේ පහසුව පිණිස කතාව පිළිබඳව කෙටි හැදින්වීමක් කරමි.

•මෙය නෙලී කියන ගැහැනු දරුවා වටා ගෙතී ඇති කතාවක්. (ඇයගේ කුඩා කල අමිහිරි මතකයන්ද ඇතැම් අවස්ථාවල හෙලා දක්වා ඇත) ඇය නව පාසලකට යෑම,අලුත් මිතුරන් හමුවීම,මේ අතරතුර තම සිත් ගත් එකතරා ගැහැනු ළමයෙකු පිළිබඳව කතා මාලාවට පාදක වී ඇත.

•හපොයි!! පරක්කුයි හොදටම,නෙලී උඩින් විසි වී ඇහැරුණාය.මුල් දවසෙම පරක්කුවෙලා යන්න බෑ අය්යෝ මට.එහෙම කියමින් කඩි මුඩියේ ලෑස්තී වීම පෙ.ව.6.55 ට පමණ අවසන් කළාය.
ළහි ළහියේ පහත මාලයට පැමිණ,අම්මේ මම ලෑස්ති'යි සිය මවට දැන්වූවාය.

•"පුංචි නෝනා,එතකොට උදේ කෑම? ආශා අම්මා(ගෙදර වැඩ වලට උදවු කරන කාන්තව) හඩ අවදි කළාය.

•"දැන් කන්න වෙලා නෑ ආශා අම්මේ හොදටම පරක්කුයි.මට බත් එකක් ඔතලා දෙන්න මම intervel එකේදී කන්නම්"
යැයි පැවසූ නෙලී එම බත් මුලද රැගෙන කාරයට ගොඩ වූවාය.

•මිනිත්තු කිහිපයක් ගෙවී යාමෙන් පසු නෙලී සහ ඇගේ මව නගරයේ ඇති ප්‍රසිද්ධ බාලිකා පාසල වෙත ළගා වුණි.
එය අක්කර 5ක් පමණ වන විශාල භූමියක පිහිටා ඇත.එමෙන්ම පාසල මැද පිහිටා ඇත්තේ අවුරුදු 100කට පමණ හිමිකම් කියන පෞරාණික වටිනාකමකින් යුත් විශාල වලව්වකි.

•නෙලී සිය මව සමග ක්‍රම ක්‍රමයෙන් පාසල් කාර්යාලය වෙත ළගා වුණි.එහිදී තමාට හිමිවන පන්තිය සහ අනෙකුත් අවශ්‍ය තොරතුරු ලබාදීමෙන් පසුව නෙලී තමාට හිමි "8D" ( ඔව්,නෙලී ගේ වයස 13 යි) පන්ති කාමරය ඇත්තේ කොහේදැයි විපරම් කර බැලුවාය. අවසානයේ දී මහත් පරිශ්‍රමයක් දැරීමෙන්(කෙතරම් විශාල ද යන්න අවබෝධ කරගන්න) අනතුරුව තමාට හිමි පන්තියට ඇතුළු වූවාය.පන්තියට ඇතුලු වන විටද උදෑසන ආගමික වතාවත් හමාර වී තිබුණි.

•නෙලී කෙතරම් අකමැත්තක් දැක්වුවද සිය මවගේ සහ පියාගේ බල කිරීම මත මෙම පාසලට පැමිණීමට සිදුවුණි.ඉමහත් භීතියකින් ඇය පන්තියේ වාඩි වී සිටින සිසුවියන් දෙස බැල්මක් හෙලුවාය.එම මොහොතේ පන්තියේ සිටි පන්තිභාර ගුරුතුමිය සිය පුටුවෙන් නික්මී දොර අසළට පැමිණියාය.

අරලිය මල 🌼(GL)non-fictionWhere stories live. Discover now