Chapter 4
• පසුදා නෙලී පාසල් යාමට වෙනදාට වඩා ඉක්මනින් අවදි වූවාය.උදෑසන 6.55 ට පමණ පාසල වෙත ළගා වීමට ඇයට හැකි විය.නමුදු ෆෙලී සහ ලුසීට පෙරදින සිදුවූ සිදුවීම කඩිනමින් පැවසීම නෙලීගේ පරමාර්ථය විය.
• එදිනත් පෙර සේම කෝරිඩෝව දිගේ ගමන් කරන විට සිසුවියන් කිහිපදෙනාගේ සුපරික්ශාකාරී බැල්ම නෙලී වෙත යොමු වී තිබිණ.නමුත් පෙරට වඩා මේරියන් නෙලී දෙස උද්යෝගයෙන් බලා සිටින බව නෙලීට තේරුම් ගියාය.
"තාමත් නෑනේ මුන් දෙන්නා පොඩ්ඩක් කළින් එන්න කියලා හැමදාම කියනවා."
7.25 AM
"අනේ මැඩම්ලා දෙන්නා අද වේලාසනින්ම ඇවිල්ලා නේ."
නෙලී ව්යාජ හිනාවක් මුහුණට එක් කරගනිමින් පැවසුවාය."හරී හරී බන් පොඩ්ඩක් පරක්කුයි අපි දෙන්නා."
"හොද පොඩ්ඩ,හරි හරි ඒක නෙමෙයි මෙහෙ වරෙන්කෝ දෙයක් කියන්න තියෙනවා."
"ඉදපන් බෑග් එක තියලා එන්නම්."
"නන්ගී...........හැමෝම යන්න ground එකට අද assembly.යන්න යන්න ඉක්මන් කරන්න."
• ඒ 10D පන්තිය භාර ශිෂ්ය නායිකාවගේ අදෝනාවයි.
"මෙහෙ වරෙන් මම යන ගමන් කියන්නම්."
"ඇයි මොකද උනේ උබ ඔච්චර බය වෙලා වගේ ඉන්නේ?"
"මම ඊයේ ගෙදර ගිහින් පොත් බෑග් එක අස් කරද්දී......................."
• නෙලී තමාට සිදු වූ දෙය යහලුවන් දෙදෙනාට පැවසුවාය.
"අම්මට සිරි..!!!!"
ෆෙලීගේ කටින් පිටවිය.
"කෝමද ඕක බ්රැන්ඩා ආන්ටිට හම්බුනා නම් ම්ම්ම්ම්ම්.."
ලුසී හිනාවෙමින් පැවසුවාය.
• ලුසී තරමක් විහිලුවට බර චරිතයක් විය.
"අනේ යකෝ මේ වෙලෙත් තමුසේ විහිලු කරනවද? මම මේ රත් වෙලා ඉන්නේ."
නෙලී ගිගුරුම් දෙයි.
"ඔව් ඔව් බ්රැන්ඩා ආන්ටිට අහු වුනා නම් ඕක අද මෙතන මේම කතා කරන්න කෙනෙක් නෑ."
ෆෙලී පැවසුවාය.
"ඒක නෙමෙයි උබට කාවහරි සැකද?"
YOU ARE READING
අරලිය මල 🌼(GL)non-fiction
Non-Fiction"වසරකට පෙර නෙත ගැටුනු ඔබ අද දකින විට හද හැගෙන හඩ පෙර ලෙසම ඇත ඒ ස්නේහ කද පවසන දින මම දන්නේ නැත ........... කොට සුසිනිදු නිල් වරලස සමග ඔබේ රන්වන් නෙත දකිනවිට ළය ගුම් ගුම් හඩ නතර කරගත නොහැක මොහොතකට මට .......... ඩැහැගෙන ඔබේ රුව මගේ ඇස කියාගන්න...