ප්‍රශ්න මැද හිනාවෙන කෙලි පොඩ්ඩ.

94 6 0
                                    

Chapter 2

❇️අන්තිම වෙනකම් මේ chapter එක කියවන්න කියලා මම ඔයාලා හැමෝටම ආදරයෙන් සිහිපත් කරනවා.

*ඒක නෙමෙයි ඔයාලා බලනවා ඇති මොනවද මේ නෙලීගේ අමිහිරි මතකයන් කියලා.ඒ වගේම තාත්තාට සම්බන්ධ වෙන්නේ කෝමද කියලා.ඉන්න ඉතුරු ටික ලියන්න කලින් ඒක කියලා ඉන්නම්,

•බ්‍රැන්ඩා මහත්මිය(නෙලීගේ මව)සහ දිසානායක මහතා(නෙලීගේ පියා) විවාහ වෙලා තිබෙන්නේ යෝජනාවක් මගින්.බොහෝ කලක් දරුවෝ නැතුව ඉදලා තමයි අවසානයේදී පුංචි නෙලී මෙලොව එලිය බලන්නේ.මුල් කාලයේදී මේ තුන්දෙනා පුංචි පවුලක් විදිහට ලස්සනට ජීවත් වෙනවා.පසුකාලීනව දිසානායක මහතා සහ නෙලීගේ අම්මා අතර සුලු සුලු ආරවුල් ඇති වෙනවා.එම ගැටුම් ඇති කිරීමට පෙරමුණ ගන්නෙත් දිසානායක මහතගේ පවුලේ උදවිය තමා.බ්‍රැන්ඩා මහත්මියත් සිය නැන්දම්මා ගැන සහ තම ස්වාමිපුරුෂයාගේ නෑදෑයන් ගැන වැඩි පැහැදීමක් තිබුණේ නෑ මුල ඉදලම.කොහොම උනත් සිය පියා සිය මවට අමානුෂික ලෙස වද හිංසා කරනවා(ගහනවා ඇස්වලට පවා) පුංචි නෙලී සිය ඇස් දෙකෙන්ම දකිනවා.සිය පියාගේ මෙම ක්‍රියා කලාපයන් හමුවේ පුංචි දරුවෙකුට කුඩා කල අවශ්‍ය ආදරය හා පිය සෙනෙහස නෙලීට අහිමි වෙනවා.මේ සියලු දේ දරාගත නොහැකිව නෙලීගේ මව කාලයක් අසනීප තත්ත්වයෙන් පසු වෙනවා.දැන් ඔබට තේරෙනවා ඇති ඇයි නෙලී වෙනුවෙන් පෙනී සිටීමට බ්‍රැන්ඩා මහත්මියට බැරි කියලා.පුංචි දේකින් වුනත් නෙලීව අඩවන්න පුලුවන් මේ හේතු නිසා තමා.තම වයසේ අනෙකුත් දරුවන් කුඩා කල මිහිරි මතකයන් එකරැස් කරද්දී පුංචි නෙලී කදුලු සාගරයක් මැද තනිවෙනවා.

•ඔන්න ඕකයි කතාව.මේ හින්දා තමා නෙලී සිය පියාට වෛර කරන්නේ මෙච්චර.බය මෙච්චර.කලින් රණ්ඩු ඇති උනා වගේ ආයි ඇතිවෙයි කියලා තමයි සිය පියා කියන හැමදේටම අවනත වෙන්නේ.

හරි දැන් ආයිත් යමු අපි කතාවට,

•නෙලී කොට සුසිනිදු වරලසකට හිමිකම් කියයි.ඇගේ නෙත් අන් අයට වඩා අමුතුම දිස්නයක් දෙයි.එමෙන්ම ඇය මනා රූ සපුවකට හෙබිකම් කියයි.

•තෙවන වාර විභාගයේ ප්‍රතිඵල නෙලී අනුමාන කල කාලයට පෙර ලබා දෙන ලදි.

අරලිය මල 🌼(GL)non-fictionWhere stories live. Discover now