"විපුල මහත්තය ද ?..."
"ඔව් නර්ස් ?! ... කොහොමද නෝනා නදීට ?"
"ලැබුනේ ගැහැණු දරුවෙක් , තාත්තට දැන් ඇතුලට යන්න පුලුවන්.එයාට කිසිම ප්රශ්නයක් නෑ.. අම්මයි දරුවයි දෙන්නම හොදින්."
"හරි නර්ස් බොහොම ස්තූතියි..."
" නදී කොහොමද ඔයාට, මට ගොඩක් සතුටුයි නදී. බලන්න අපෙ පැටියා දිහා මේ...බලන්නකෝ අපෙ පැටියා ඔයා වගේමයි. දැක්කම ඕනි කෙනෙක්ට ආදරේ හිතෙනවා.හරියට එයාගේ අම්මට වගේම "
" අපි ? අපෙ පැටියා ?
මොනවා බලන්නද ?
මොනවද ඔයා මේ කියන්නේ. සිහිය විකල් වෙලාද අහ් ?
දරුවව ඕන වුනේ ඔයාට මිසක් මට නෙමෙයි.බලන්න ඒකත් හම්බෙලා තියෙන්නේ කෙල්ලෙක්.මට ඕනි නෑ දැන්ම අම්මා කෙනෙක් වෙන්න.ඔයාගෙ බලකිරීමටයි මම මේ තීරණය ගත්තේ දරුවා නැති කරමු කිව්වම ඔයාටනේ ඕනි වුනේ හදාගන්න.ඉතින් පොරොන්දු වුන විදියටම දරුවගේ වගකීම භාරගෙන ඉතුරු ටික කරගන්න එකයි ඇත්තේ.මෙතනින් එහාට මම නෑ කියලා හොදට මතක තියාගන්න. "නදී චුට්ටක් සංසුන් වෙන්න.මෙතන රණ්ඩු කරන්න සුදුසු තැනක් නෙමෙයිනේ.අනික මේ ඒකට වෙලාවත් නෙමෙයි.කරුණාකරලා චුට්ටක් ඉවසන්න ගෙදර යනකම්.
මේ හැමදේම ඔයාගෙ වැරදි විපුල ඔයාගේ වැරදි.මට දරුවෙක් නිසා මට ලැබෙන්න තියෙන දේවල් නැති කරගන්න බෑ.මේ දේවල් දැන් හොදටම ඇති.
මම කියන දේ පොඩ්ඩක් අහන්න නදී...
ඔයා කිව්ව දේවල් මම දැන් ඇහුවා හොදටම ඇති මෙච්චර කල්.මෙතනින් යන්න මට මහන්සියි.
|විපුල| අවුරුදු 32 විතර වයස ඇති හොදට හැදි දැඩි සිරුරක් තියෙන.තලෙළු සමට වඩා ටිකක් සුදු පැහැය ට හුරු සමක් තියෙන තමන්ගෙම අයිතිය හිමි කුළු බඩු නිශ්පාදන සමාගමක් ( VIPULA PRODUCTS ) ඇති පිරිමියෙක්.නදීගේ විවාහක සැමියා.සම්පුර්ණ නමින් විපුල නානායක්කාර.කාටත් ගුණ යහපත් කරුණාවන්ත චරිතයක්.
|නදී| අවුරුදු 28 පමණ වයස ඇති වෘත්තීය වශයෙන් නිරූපණ ශිල්පීනියක් වන ආකශණීය බොහොම සුරූපී රූ සපුවක් ඇති කාන්තාවක්.යම් තද සැර චරිතයක් නිරූපණය කරයි.සම්පුර්ණ නමින් නදිනි කොඩිතුවක්කු.