~ 3 පරිච්ඡේදය ~

4 1 0
                                    

* වසර 3කට පසු *

" තාත්තා...... මේ වීර්යාගේ තාත්තා නේද ? "
" ඔව් ටීච.. මම තමයි වීර්යාගේ තාත්තා.. මොකක් හරි ප්‍රශ්නයක්වත් ද ???? වීර්යා ???? "

" මම තාත්තාව හම්බෙන්නමයි හිටියේ.මේ දරුවව ඔයාලා හදන්නේ කොහොමද.හැමදාම රණ්ඩු හැමදාම තව ළමයි එක්ක පැටලෙනවා.මේක හරි ගැටලුවක්.අදත් ළමයෙක්ට ගහලා තිබුනා.. "

" ටීච එයා එහෙම දරුවෙක් නෙමෙයි මම ඒක හොදටම දන්නවා.මම දරුවව උස් මහත් කලේ අම්මත් නැතුව හොද ගුණ යහපත්කම් කියලා දීලා. මෙතන වෙනන් මොකක් හරි දෙයක් වෙනවා. අපි වීර්යාගෙන්ම අහලා දැනගමු ඇත්ත මොකක්ද කියලා .... "

" චූටි දූ.. මෙහෙ එන්න පොඩ්ඩක් ටීචටයි මටයි දෙයක් දැනගන්න තියෙනවා ඔයාගෙන් "

" තාත්ති ??? "

" ඇත්තද මේ ටීච කියන්නේ ඔයා හැමදාම ළමයි එක්ක රණ්ඩු වෙනවා කියලා "

" තාත්තී ඒ ... මේ.... මම .... මේ .... "

" ඒ මේ නෙමෙයි මට උත්තර දෙන්න මාව කේන්ති ගස්සන්නේ නැතුව ඉක්මනට "

විපුල ටිකක් සැර වුනා...

" තාත්ති එයාලා හැමෝම මට විහිලු කරනවා.එයාලට අම්මා ඉන්නවා මට නෑ.මට ඉන්නේ තාත්තා විතරයි කියලා. මට ඉතින් තාත්තා විතරයි නේ... මම ඉතින් ම්හ්හ් .... තාත්තී මම.... SORRY තාත්ති මම ආපහු එහෙම කරන්නේ නෑ... ඒත් එයාලටත් එපා කියන්න මට විහිලු කරන්න... මගේ අම්මි තාත්තී දෙන්නම තාත්ති නේ....

ඇස් වල කදුලුත් පුරවන් පුංචි වීර්යා බිම බලාගෙන එතන බිම සපත්තුවෙන් චුට්ට චුට්ට හාරන ගමන් තමන්ගෙන් වුන වරද පිලිඅරන් සමාවගත්තා...

" ටීචටම පේනවනේ දැන් වෙලා තියෙන දේ ඇත්ත මොකක්ද කියලා. මගේ ළමයටයි මෙතන මානසිකව පීඩනයක් හිංසනයක් වෙලා තියෙන්නේ.පුලුවන් නම් ඒ ළමයිට කියලා දෙන්න ටීච එහෙම කරන එල වැරදි කියලා.මොකද මගේ දරුව නෙමෙයි අම්මා නැති එකම දරුවා... "

වීර්යාව ලගට අරන් මුහුනේ වැටිලා තිබුනු කදුලු පිහිදාලා විපුලා එයාව වඩාගත්තේ එයාගේ හිත හදන ගමන්...

"මැනික අද මොනවද යන ගමන් තාත්ති දූට අරන් දෙන්නේ.මොනවටද ආස... මම අරන් දෙන්නම් දූට "

_ වැසි _Where stories live. Discover now