වීර්යා අගනුවර ප්රසිද්ධ බාලිකා පාසලක අධ්යාපනය ලබලා තවදුරටත් තම උසස් අධ්යාපනය සදහා කලා විශය ධාරාව යටතේ A/L විභාගයට මුහුණ දීලා ඉහළ ප්රතිඵලයක් ලබාගෙන විශ්ව විද්යාල වරම් ලැබුවා.ඉතින් එයා දැන් පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන ශිෂ්යවක්.
වීර්යා පුරුද්දක් විදියට හවස් වරුවට නුවර වැව රව්ම වටේ චුට්ටක් ඇවිදලා හිත නිදහස් කරන් එන්න යනවා...
මේත් ඒ වගේ එක දවසක හවස් වරුවක්.....
" ලොකු වැස්සක් එන්නයි යන්නේ..හොද වෙලාවට කුඩයක් අරන් ආවේ..වැස්සට කමක් නෑ මම තව ටික වෙලාවක් ඉදලා යනවා.වහින වෙලාවට මෙතන තියෙන්නේ වෙනම ලස්සනක් "
මෙහෙම වීර්යා තමන්ගේ හිතටම කියා ගත්තා.ඒත් එක්කම ඔන්න වැස්ස පටන් ගත්තා.මහ වැස්සක් නෙමෙයි ඒක හරියට පොද වැස්සක් වගේ.ඇගට හීනියට වදින ඇග සීතල කරන් යන පොද වැස්සක්...
වීර්යා අත් දෙකත් දෙපැත්තට විහිදලා ඔලුවත් උස්සලා මූණ වැස්ස වැටෙන්න දුන්නා.පොද වැස්ස මූණට වැවෙනකොට වීර්යාගේ මූණට ආව හිනාව බලන් ඉන්න තරම් ලස්සනයි...
" මේ නිදහස තමයි මට හැම මොහොතකම ඕනි.. "
වීර්යා එහෙම කියලා එයා ඇදන් හිටිය ටීශට් එකේම තියෙන හිස් ආවරණය ඔලුවට දාගෙන එතනින් පිටත් වෙන්න හැදුවේ වැස්ස සැර වීගෙන ආව නිසයි.ගෙදර යන්න හැදුව වීර්යා ඒ වෙලාවේ එයා දැක්ක දර්ශනය එයාව එතනම නවත්ත ගත්තා...
පෙනුමෙන් වීර්යා තරමට සුදු පැහැති සමක් තියෙන වීර්යා තරමටම උස නමුත් එයා තරමට හයිය හත්තියක් නැති එයාට වඩා ටිකක් ඇගෙන් අඩු ලස්සන ගෑනු ළමයෙක් වැව රව්ම ලග බිම වාඩි වෙලා හොදටම අඩනවා.වැස්ස නිසා ඒ හරියටම පේන්න වෙන කව්රුත් හිටියෙත් නෑ.වීර්යාට එයාව මෙහෙම තනියම දාලා යන්නත් බෑ..
" ළමයෝ... මේ ළමයෝ ඇහෙනවද ? මම ඔයාට මේ කතා කරන්නේ.. අඩන ළමයෝ.... "
ඔලුව උස්සලා වීර්යා දිහා බලපු ගැහැණු ළමයගෙ ඇස් පුදුමාකාර ලස්සනයි.රව්ම් ලොකු ලා දුඹුරු පාට ඇස් දෙකක්.දැක්ක ගමන් හිත ඇදිලා යන ලස්සනක්.ඇස් වගේම ඒ ළමයගේ රවුම් හුරතල් මූණත් තද දුඹුරු පාටට හුරු කොන්ඩෙ, රෝස පාට හීනි තොල් මේ හැම දේම එක්ක එක්තැන්වුනු අමුතුම ලස්සනක්.වැඩි වයසක් නම් බැලූ බැල්මට පෙනුනේ නෑ.