~ 2 පරිච්ඡේදය ~

3 1 0
                                    

* අවුරුද්දකට පසු *

" වාසනා හෙට චූටි දූගේ අවුරුද්දේ උපන්දිනය.අපි පොඩියට උපන්දිනය සමරමු . එහෙම වැඩිය කව්රුත් එන්නේ නෑ අපි අපි විතරයි.ඒත් දූට මතකයක් විදියට ලස්සන දේවල් අපි ඉතුරු කරන්න ඕනිනේ... පොඩියට අපි වැඩේ ලෑස්ති කරමු "

" හරි මහත්තයා කරන්න ඕනි මොනවද කියලා මට කියන්නකෝ.මම කරන්නම්.... "

" මම කේක් එක එහෙම එහෙම ගේනවා.අනිත් ඕනි කරන බඩු ඔයා ගිහින් අරගෙන පොඩියට කෑම මේසයක් ලෑස්ති කරන්න.මෙන්න සල්ලි.තව මොනවා හරි ඕනි වුනොත් මම කියන්නම් "

" හරි මහත්තයා "

විපුල උදෙන්ම වැඩට යන්න පිටත් වුනේ අමතක නොකර තාමත් සීතලට ගුලු වෙලා නිදි චූටි දූගේ නළලට සිපුමක් තියලයි.

හවස් වෙනකොට තිබුණු අද දවසේ වැඩ කොටස ඉවර කරලා එතනින් පිටත් වුනේ.දූගේ උපන්දිනයට ගන්න ඕනි කරන බඩු ටික ගැන කල්පනා කර කරයි.ඒ වෙනකොටත් විපුල කේක් හදන තැනකට දීලා ඩිසයින් කරව ගත්ත කේක් එක ගන්න මුලින්ම පිටත් වුනා.සුදුපාට පසුබිමේ රෝස පාට අයිසින් වලින් එක එක රටා මවලා Happy birthday Chuti Manika.... කියලා හරිම චාම් විදියට තියෙන හරිම ලස්සන විදියට විපුලට ඕනි කරපු විදියටට හදලා තිබුනා.

ඉතින් විපුලට ආව ඊගාව ප්‍රශ්නය ඇදුමක් දූට ඒ වෙලාවට අන්දන්න ඕනි ඇදුම.ඉතින් විපුලගේ ඊගාව නැවතුම වුනේ කිරිබත්ගොඩ තිළකවර්ධනය.

පුංචි ළමයිගේ ඇදුම් තියෙන කොටසට ගිහින් බලලා වැඩි වෙලාවක් යන්න කලින් සුදු පාට තට්ටු තට්ටු පිම්බුනු පුංචි ගව්මක් හොයාගන්න පුලුවන් වුනා හරියටම චූටි දූට ගැලපෙනම සයිස් එකෙන් එයාටම කියලා මහලා වගේ. ගව්මේ තට්ටු වෙන් වෙන දාරෙ රෝස පාටින් පුංචියට රේන්දයකුත් අල්ලලා.කේක් එකයි ගව්මයිත් දැන් හොදටම ගැලපෙනවා.ඒ වැඩෙත් හරි දැන්.

චූටි දූටත් ගෙදරටත් අවශ්‍යම කරන වෙන තව බඩු ටිකකුත් අරගෙන කෙලින්ම ආවේ විපුල ගෙදරට.

"චූටි දූ.... මගේ මැණිකේ තාත්ති ආවා....."

සද්දේ ඇහුන ගමන් සද්දයකත් නැතුව කාමරය ඉදපු කෙල්ල මහ හයියෙන් හිනාව.

_ වැසි _Where stories live. Discover now