ආදරේ වැඩිකමට පොඩි හිතුවක්කාර වැඩක් කරා කියලා මං අහන්නෙ ඒකට දඩුවම් දෙන්න ඕනිද..
ලෝකෙට බොරු කෝටියක් මවලා මගෙ ලොකු බේබි හම්බෙන්න ආවම එයා මාත් එක්ක තරහා වෙලා..
" විරූද්.."
" ඒයි මෝඩ ළමයෝ.."
" කට වහන් වරෙන් එනවනම්.."
යාලුවෝ එක්ක නුවරඑළියෙ ට්රිප් එකක් යනවා කියලා තනියම ආව මම අන්තිමට නැවතුනේ එයාගෙ බංග්ලෝ එකේ..බෑනා විදිහට එන්න අවසර නැති උනාට මොකද වෙන්ඩ ලොකු ලේලිගෙ අයියා විදිහටනම් මට නැන්දම්මාගෙන් හොද සැලකිලි තිබුනා..
එයාටත් නොකියා නුවරඑළියෙ ඇවිත් අන්තිමට එයාලාගෙ ගේට් එක ලග නතර වෙද්දි මේ මනුස්සයාට පපුවෙ අමාරුවකුත් ආවා..
" හරි ඉතින් ගානට බොරු ටික හදාන ඉන්නෙ ඔයා බය නැතුව ඉන්නකො.."
මාව ආපහු හරවලා යවන්න හැදුවත් මගෙ හිතුවක්කාරකමේ අඩුවක් නැති වෙද්දි එයාට මාව බංගලාවට එක්කන් යන්නම සිද්ද උනා..
ආදරේ නිසා නෙ මේ හැම දේම..හ්ම්ම්
" පොඩි හරි සැක හිතෙන දෙයක් උනොත් උබට මගෙ මිනියවත් බලන්න හම්බෙන් නැතිවෙයි කියලා හොදට මතක තියාගෙනම වරෙන්.."
එයා මොනාදෝ කුටු කුටු ගාද්දි බෑග් එකත් උස්සන් මං එයාගෙ පස්සෙන්ම ගියා..
පලාතම වහගෙන තිබ්බ සීතළ මීදුම අස්සෙ හැංගුන කොලපාට ලෝකෙකින් වට උන එයාගෙ මහ ලොකු නම්බුකාර බංගලාව ඇතුලට යද්දි කොච්චර කරත් මගෙ පපුව බයෙන් ගැහුන් නෑ කිව්වොත් ඒක බොරුවක්..මොකද පිටතින් ලස්සනට පෙනුනට ඒක තනිකරම හිර කූඩුවක් කියන එක මට ඉස්සරහින් යන ඒ අහිංසක මනුස්සයා දැක්කම මතක් උනා..
" ලොකු පුතා..කවුද ආවේ.."
අපි ඇතුලට එන සද්දෙ ඇහිලද කොහෙද නැන්දම්මා පඩිපෙල බැහැගෙන අපි ලගට එද්දි විරූද් මගෙන් ඈත් උනා..ඇයි එයා එහෙම කරන්නේ ඒ තරම්ම බයද..මට ආදරේ නැතුවවද්ද..
හිතේ දුකක් ඇති උනත් මං එයාව තේරුන් අරන් ඒක යටපත් කර ගත්තා..චූටි චූටි දේවල්වලට උබ හිත රිද්දගෙන හරියන් නෑ දිව්යාන්..ඔනෑවට වඩා හිතන එක නවත්ත ගන්න..
YOU ARE READING
නොහිමි ❀ ( yizhan )
Short Storyපැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා..🥀