2019 / මැයි...
" අක්කා අද පට්ට ලස්සනයි නේ බං.."
" හ්ම්ම්.."
සාම්ප්රදායික පවුලක ලොකු දුව අද මනමාලයෙක්ගෙ අත ගන්නවා..මගෙ ලොකු අම්මාගෙ දුව නේහා අක්කා..ඒකි හරි අහිංසක ගෑණු ළමයෙක් තමන්ගෙ ජීවිතේ ලස්සනම දවසෙ කෙල්ල ඉන්නෙ මූණ එල්ලගෙන..අවුරුදු හයක් තිස්සෙ ආදරේ කරපු කොල්ලාම අද ඒකිගෙ මගුලෙ අෂ්ඨක කියලා පෝරුවේ චාරිත්ර ටික ලස්සනට කරලා දුන්නා..
" ඒ උනාට අච්චර මේකප් ගෑවෙ අපරාදෙ අක්කාගෙ නැචුරල් ලුක් එක මීට වඩා ලස්සනයි.."
" හ්ම්ම්.."
" දේව් අයියා පව් ඕයි උගෙ හිනාව අස්සෙ පුදුමාකාර වේදනාවක් හැංගිලා තිබ්බේ.."
" හ්ම්ම්.."
" මොක හුත්තක්ද යකෝ උබ ආවෙ වෙලේ ඉදන් හොයන්නේ.."
" ඕයි.."
" ඇයි.."
" තෝ අදත් හොයන්නෙ අර පොඩි කොල්ලාවද.."
පොඩි කොල්ලා..අවුරුදු දහයකට කලින් පොඩි කොල්ලෙක් උනාට දැන්නම් විසි තුනක් හතරක් විතර ඇති..ඒ වෙනකොට මට අවුරුදු දාසයක් උනත් ආදරේ කියන්න මොකක්ද කියලවත් නොදන්න වයසක හිටිය පොඩි කොල්ලෙක් වෙනුවෙන් මගෙ හිතේ කුලුදුල් ආදයක් ඇති වෙලා තිබුනා..
විරූද් මේධන්ෂ්ය වික්රමභාහු..අක්කා ලොකු දුව වෙද්දි මං ඒ සාම්ප්රදායික පවුලෙම ලොකු පුතා උනා..සරලවම අවුරුදු විසි හයක් තිස්සෙ ගෙදර උන්ගෙ අතේ තියන නූල්වලට නැටවෙන රූකඩයක්..
ගෙවුන අවුරුදු දහය ඇතුලත පවුලෙ මිනිස්සු එකතු වෙන හැම තැනකදිම මං ඒ ලස්සන ඇස් දෙක හෙව්වා..අදවත් එයි අදවත් එයි කියලා එකම එක පාරක් දැකපු කාගෙ කවුද කියලාවත් නොදන්න ඒ ලස්සන ඇස්දෙකේ අයිතිකාරයාව මං තාමත් හොයනවා..
YOU ARE READING
නොහිමි ❀ ( yizhan )
Short Storyපැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා..🥀