රෑ දහයත් වෙලා..කාලා ඉවර වෙලත් දහය වෙනකන්ම කරේ වෙඩින් එක ගැන කතා කරපු එක..දිව්‍යාන්ගෙ මූණ හිනාවකින් පිරිලා තිබ්බට ඒ හිනාව අස්සෙ තිබ්බ වේදනාව පෙනුනෙ මට විතරක්ම වෙන්න ඇති..දෙතුන් පාරක්ම කිව්වා අම්මලා වෙඩින් එක ගැන කතා කරනකොට මගාරින්න කියලා ඒත් මේකාගෙ හිතුවක්කාරකම වැඩී..දෙන්නාගෙම හිත රිදෙන බව දැන දැන ඒකමයි කරන්නේ..
" නැන්දේ මං තනියම කලුවරේ නිදා ගන්න බයයි නේ.."
දිව්‍යාන් මල්ලි එක්ක කියව කියව හිටිය නිසා කාමරේට ආව මං ටික වෙලාවකින් ආයෙත් වහලා තිබ්බ දොර ලගට කිට්ටු උනේ කාමරේ ලගින්ම එයාගෙයි මල්ලිගෙයි වගේම අම්මාගෙත් කටහඩ ඇහුන නිසා..
" එහෙමද පුතේ..ගෙදෙද්දි අම්මා එක්කද නිදා ගන්නෙ.."
" ඔව් නැන්දා.."
" එහෙනම් අද අභීත් එක්ක නිදා ගන්න.."
" අහ් මේ..අම්මා ම්_මං.."
" ඇයි.."
" නෑ මේ..මට හෙට ටෙක් එකේ එක්සෑම් එකක් ඉතින් පාඩම් කරන්න ඕනි මං..අයියට කරදරයි නෙ එතකොට.."
" කමන් නෑ නැන්දා මං තනියම නිදා ගන්නම්..මල්ලිට කරදර කරන්න බෑ නේ.."
" ඉතින් අපෙ අයියා එක්ක නිදා ගන්නකෝ.."
අභීත්ගෙ කටින් පිට උන වචනත් එක්ක මගෙ ඇස් නලලට ගියා..මුන් දෙන්නා එකතු වෙලා ගහපු ප්ලෑනක් මේක..
" ඒක නේ එයාට රෑ වෙලා කරන්න වැඩ මුකුත් නෑ නේ පුතා මේධ එක්ක නිදා ගන්න එහෙනම්..ඉන්නකො මං එයාට කතා කරන්න.."
දොර ලගට වෙලා ඔක්කොම කතාව අහන් හිටිය මං අම්මා මේ පැත්තට එන්න ලෑස්ති කියලා දැනුන නිසා ඉක්මනට ඇදට පැනලා පොතක් අතට ගත්තා..
" ලොකු පුතා.."
" ඇයි අම්මා දොර ඇරලා තියෙන්නෙ එන්න ඇතුලට.."
දොර ඇරගෙන අම්මා ඇතුලට එද්දි ඒ පස්සෙන්ම ඇතුලට ආව අභීත්ගෙයි දිව්‍යාන්ගෙයි මූණෙ ඇදිලා තිබ්බෙනම් කපටි හිනාවක්..
දෙන්නම එකයි තමන්ට ඕනි දේ මොන දහංගැටේ දාලා හරි කර ගන්නවා..
" දිව්‍යාන් අද ඔයා එක්ක නිදා ගයි.."
YOU ARE READING
නොහිමි ❀ ( yizhan )
Short Storyපැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා..🥀