6 කොටස 💞

9 3 8
                                    

"අනේ ටෙයියෝ ඔයා එන්න අපි එක්ක යන්න. සම්චොන් එයි නේ..."

"ඒත් එතකොට ඔයාලාගේ එකේ ඉඩ මදි වෙනවානේ..."

"නෑ ඉඩ මදි වෙන්නෙ නෑ. අපි මේ මෝඩ පූසාව ඔයාලගේ එකේ යවමු."

"මම මෝඩ පූසෙක් නෙවෙයි කොට තාරාවෝ!!"

"මෝඩ පූසෙක් නෙවෙයිනම් මටත් කොට තාරාවා කියන එක නවත්තනවා....!!!"

"කොට එවුන්ට කොටයි නොකියා උසයි කියන්න් යෑ. මගේ දොඩම් ගෙඩිත් ඔයාට වඩා උසයි"

"ඉන්නවා මම හොඳ වැඩක් කරන්න!"

"චිමී බබා! නවත්තන්න ඕක!!"

"අනේ මේ හ්‍යුන් ඔයාගේ මේ යාලුවා තමා පටන් ගත්තේ!"

"මම පටන් ගත්තේ කොහෙද? තමුන් නේ පූසෙක් ගැන කියවන් ආවේ..."

"හඃ මටත් කියන්න තියන්නේ කුම්බකරන පෙනුම තියන පූසන්ට පූසා නොකියා වෙන මොකක් කියන්න ද කියලා තමා!"

"හරි ලමයි දැන් ඕක නවත්තන්නකෝ. ඔයාට අපේ ටේ බෙයාව ඕනෙනම් ගන්න. ඔයාලාගේ කාර් එකේ යන කවුරුහරිව මගේ එකට එවන්න... ම්ම්ම්... නම්ජුන් ඔයා කැමති නම් මගේ එකේ එන්න."

"ඕකේ ජින් මන් එන්නම්..."

"හරි නේ එහෙනම් ඔක්කොම. ඔක්කොම බඩු දාගත්තා නේද? ආපහු හරවන් එන්නෙ නම් නෑ මුකුත් අමතක උනා කියලා..."

"යැයි යැයි තමා.... ඔක්කොම දාගෙන තියන්නේ අපි!"

"හරි එහෙනම්... නම්ජුන් ඔයාලා අපේ පස්සෙන් එන්න..."

ඇති යන්තම්... රණ්ඩු වෙලා බැනගෙන කෑගහගෙන බඩු පටෝලා අන්තිමේදි අපි යන්නයි හදන්නේ... වැකේෂන් එකට අපි තෝරගත්තු හොටෙල් එකට. නම්සාන් ටවර් එක ළඟම ලස්සන තැනක් ඒක. එහේ ගිහින් ගොඩාක් විනෝද වෙන්න පුලුවන් වෙයි කියලා මන් හිතනවා... අනික ජන්කුක් හ්‍යුනුත් එනවා... මට නම් නිකන් මේක හීනයක් වගේ. ඉස්සර චිමී එක්ක ට්‍රිප් යද්දි ඕනෙතරම් හිතිලා තියෙනවා හ්‍යුනුත් හිටියා නම් කියලා. ඒක අන්තිමේදි හැබෑවක් වෙලා... මට හරිම සතුටුයි!

හ්‍යුන් තමා කාර් එක ඩ්‍රයිව් කරන්නේ. එතකොට යුන්ගි හ්‍යුන් පැසෙන්ජර් සීට් එකේ... මමයි චිමීයි පිටිපස්සේ... චිමී නම් නැග්ග වෙලේ ඉඳන් යුන්ගි හ්‍යුන්ට ඔරවනවා. අනේ අනේ මේ දෙන්නා නිකන් පොඩි ලමයි වගේ එකේක නම් කියකිය බැනගන්නවා...

My Sweetheart | Taekook | On HoldWhere stories live. Discover now