"අයියෝ ජිමිනා....... ඉක්මන් කරන්නකො"
"හරි බන් ඉඳාම් පොඩ්ඩක්. සපත්තු දාන්නැතුවද එන්න කියන්නෙ."
"පොඩ්ඩක් නෙවෙයි මන් දැන් පැය බාගයක් තිස්සේ මෙතන. මන් ඔයාට හැමදාම කියනව පාන්දර වෙනකල් ඩ්‍රාමා බලන්නැතුව නිදාගන්න කියලා. කියන දෙයක් අහන්න බෑ හැමදාම ලෙක්චර්ස් පරක්කු වෙලා යන්නෙ. අදත් අපිට බැනුම් අහ-"
පරක්කු වීම කලාවක් නම් ඒකෙ පිකාසෝ ජියෝන් ජිමින් 😑
"බුදාම්මෝ ඇතියෝ...... මන් හරි යමු යමු ඉක්මනට තා පැය බාගයයි තියන්නෙ"
"මෙච්චර වෙලා ඉඳලා දැන් කඩිකුලප්පුව ගහලා-"
"මගේ සූටි වලස් පැටියෝ..... අපි යමු නේද"
"..."
"හී හී යමු රත්තරනේ......"
යන්තම් ලෙක්චර එද්දිම හෝල් එකට පැනගන්න පුලුවන් උනා අපිට.
ඔයාලා බලනවා ඇති මම කවුද කියල. මගේ නම කිම් තේහ්‍යුන්. මම සෝල් යුනි එකේ Business Administration Faculty එකේ අවසන් වසර ශිෂ්‍යයෙක්. මගේ ඔම්මා, අප්පා ඇක්සිඩන්ට් එකකින් නැති උනේ මට අවුරුදු හතේ දි. එදා ඉඳන් මම මගේ සම්චොන් එක්ක සෝල් වල ජීවත් වෙන්නෙ. මේ කම්මැලි ජිමිනා තමා මගේ අසල්වාසියා වගේම බෙස්ටා.
ජිමින්ගෙ ගෙදර ඉන්නෙ එයායි අප්පයි තමා. එයාගෙ ඔම්මා ඉන්නෙ එයාලා එක්ක නෙවෙයි. තව එයාට හ්‍යුන් කෙනෙක් ඉන්නවා. එයාගෙ නම ජ- එක්කො අපි එයා ගැන කතා නොකර ඉමු. මහ නපුරෙක්. එච්චරයි මට කියන්න තියන්නෙ.
........................................
එක දිගට තිබුණ ලෙක්චර්ස් දෙකකට පස්සෙ යන්තම් නිදහසක් ලැබුණා. අපි කැෆටේරියා එකට ආවා බඩගිනි නිවාගන්න. ජිමිනා නම් පෝළිමේ බඩගානවා කෑම ගන්න. මට නම් මගේ සුදු සම්චොන් රස......ට කෑම උයලා දෙනවා හැමදාම. ඒත් ඒවායින් වැඩිපුර කන්නෙ අර බඩජාරියා තමා.
මන් ජිමිනා එනකල් ටේබල් එකක් අල්ලන් ඉන්නකොට අපි ලඟට ආවේ මට එපා කරපු දෙන්නෙක්.
"හායි Tae"
"හායි Tae කෝ මගේ චිමී පැටියා..."
එව් එව්
ESTÁS LEYENDO
My Sweetheart | Taekook | On Hold
Fanfic"මොකක්ද නම? ...ම-මම තේ..... තේහ්‍යුන්......... අහලා පුරුදු නමක්. අපි මීට කලින් හම්බවෙලා තියෙනවද?" A Taekook Fan Fiction ✨️ Start Date: 2024/09/01 Ongoing Disclaimer: This is a work of fiction. The events, characters, and storylines depicted in this...