chapter 02

13 3 2
                                    


.
.
.

තව රාත්‍රියක් ඒ විදිහට කදුලු වලින්ම ගෙවී යද්දී අලුත් දවසක් නැවතත්  උදා උනේ සාමාන්‍ය පරිදිමයි.

මෙතෙක් වෙලා තමන්ගේ කාමරයේ දොර අසල නිදා සිටි ජිමින් හෙමින් සැරේ අවදි උනේ ඇගට දැනෙන අපහසුවත් එක්කමයි. ඒ එක්කම ඔහුට මතක් උනේ ඔහුගේ මිතුරා පිලිබඳවයි.ජිමින් ඉක්මනින්ම ඔහු සිටි තැනින් නැගිට ටේහියුන්ගේ කාමරය කරා දිව ගියේය. නමුත්...

" ටේ.... ටේ.... ඔයා කොහෙද ඉන්නේ.. ඔයා වොෂ්රූම් එක ඇතුලෙද... ටේ.... කතා කරන්නකෝ..මං ඇතුලට එනවා.. ටේ......"

එන්න එන්නම වැඩි වෙන හද ගැස්මත් එක්ක ජිමින් ටේහියොන්ට කොපමන කතා කරත් කිසිදු පිලිතුරක් නොලැබුනු නිසා ජිමින්  දොර ඇර බලන්නේ ඔහු එය තුලවත් සිටී යන අනුමානයෙනි.ඒත් ඔහු එය තුල සිටියේ නැත. ජිමින්ගේ හුස්ම එක තැන නතර විය.ටේ මොනවා කරගෙන ඇත්ද..ටේ ඉන්න තත්වේ ගැන දන්නේ ජිමින් විතරයි. ටේ ඉන්නේ මානසික මට්ටමෙන් උපරිම පහලට වැටිලා.එයා මාස හතක් තිස්සේ එක පාරක්වත් තමන්ගේ කාමරයෙන් එලියට ඇවිත් තිබුනේ නෑ. ටේගේ හැම වැඩක්ම කරලා දුන්නේ ජිමින්. කෑම කැව්වේ පවා ජිමින්.. දවසටම කෑම කටවල් තුන හතරක්....ඒකත් බලෙන්.. ඇත්තටම ජිමින් කියලා කෙනෙක් නැත්තම් ටේ කියලා කෙනෙකුත් මේ ලෝකේ නෑ...
ඉතින් හිතන්නකෝ එහෙම හිටපු ටේහියොන් එකපාරටම කමරේ පේන්න නැති උනාම ජිමින්ට මොනවා හිතෙන්න ඇතිද..??

ඒත් ජිමින් තව ටිකක් හොදට බැලුවනම් එයාට පෙනෙයි ජනේලේ ලග බිම වැටිලා තියෙන රෙදි ගොඩයි බ්ලැන්කට් එකයි සැරින් සැරේ ගැස්සෙන විදිහ..

" ටේ... මං දන්නවා ඔයා මේක ඇතුලේ තමයි ඉන්නේ කියලා.please මාව බය කරන්නේ නැතුව එලියට එන්න.."

" ජි..ජිමින්..ම්..මං මෙතන..."

" අ...අනේ ටේ ඇයි මෙතන මෙහෙම ඉන්නේ..රෑ ඇදට ගියේ නැද්ද..කෝ නැගිටින්න."

" ම්හ්හ්.."

" ටේ... ගුටි කන්නේ නැතුව නැගිටිනවා.."

" ( sad smile ) ඔයත් කුකී වගේ මට සැර කරනවද.."

" ම්හ්.. කුකී හිටිය නම් ඔයාගේ ඔලුව හිල්වෙන්න හොද ටොක්කකුත් ඇනලා දත් පාර හිටින්න කොහේ හරි හොද තැනක් අල්ලන් හපලා දාලා තමයි නවතින්නේ. "

" ම්ම්ම් එයා හරි දගයි.මගේම සහෝදරයෙක් නොවුනත් හැමදාම එයා... එයා......"

" ඉතින් එයා......."

" මගේ හැමදේම එයා. මට හිතාගන්න බෑ.... මගේම ලේ තියෙන ඇත්තම සහෝදරයව නැති උන දවසෙවත් මට මෙච්චර දුක හිතිලා නෑ."

" ඒ ඔයා වැඩි කාලයක් එයත් එක්ක හිටියේ නැති නිසා.ඒත් කුකී එක්ක අවුරුදු පහලවක්ම ඔයා හිටියා ටේ.. අනික... ම්හ්ම්... තේරෙනවනේ.. ඔයාට එයා ගැන තියෙන feelings වෙනස්නේ.."

" හ්ම්ම්..මට තාම මතකයි එදා අපි දෙන්නා ලමා නිවාසෙට ගිහින් කුකීව එක්කගෙන ආපු හැටි..( smile ) "

" ඒත් ටේ... අපි එයාව හොරකම් කරගෙන නෙවෙයිද ආවේ."

ජිමින් ටේ ලගින් වාඩිවෙන ගමන්ම එහෙම කිවේවේ එක රැයකින් ටේගේ හැසිරීම වෙනස් උන විදිහ ගැන පුදුම වෙමින්. ඉතින් ජිමින්ට ඕන උනේ නෑ කාලෙකින් ටේගේ මූනේ ඇදිලා තියෙන ලස්සන හිනාව නැති කරලා දාන්න.
ජිමින් උත්සාහ කරා අවුරුදු පහලවකට කලින් සිද්දවුන හැමදේම ටේහියොන් එක්ක නැවතත් මතක් කරන්න. මොකද දැන් ටේහියොන් ලගට හිනාවක් ගේන්න පුලුවන් ඒ දේවල් වලට විතරයි නිසා.
.
.
.
.
.
.
.

_____________________________________________________________________

❤️❤️

තේරෙනවනේ.. අවුරුදු පහලවක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි.. අනිත් එක.... එක්කෝ ඕන නෑ..

මම sheggy..

The moon || fanfiction ᵀᵃᵉᵏᵒᵒᵏ ( completed )Where stories live. Discover now