නන්නත්තාර
මගෙ පළවෙනි BL ස්ටෝරි එක..
ගොඩක් කාලෙක ඉදන් හිතේ තිබ්බ අදහසක්
ඔයාලා කැමති වෙයි කියලා හිතනවා
🚫මෙහි එන සියලු චරිත මනඃකල්පිත වේ.
🚫අසභ්‍ය භාශා භාවිත කර ඇති හෙයින් නොසුදුසු නම් කියවීමෙන් වළකින්න.
හේ හේ🌚
ශාන් රන්දිව් වික්‍රමසිංහ
ධනවත් ව්‍යාපාරිකයෙක් උන රන්ජිත් වික්‍රමසිංහගෙ එකම පුතා. පොඩි කාලෙදිම ශාන්ගෙ අම්මා ශාන්ව දාලා ගියෙ දැඩි පුද්ගලයෙක් වෙච්ච රන්ජිත් එක්ක ශාන්ව තනි කරලා. රන්ජිත් ව්‍යාපාර කටයුතුවලට කාර්යබහුල වෙද්දි ශාන්ගෙ හැදුනෙම තනියෙම. ජීවිතෙ කිසිම බරක් පතලක් නැති ශාන් කරේ තමන්ගෙ එකම යාලුවා උන කේන් එක්ක රස්තියාදු ගහන එකයි ක්ලබ් යන එකයි. කේන් කියන්නෙ මොන වගේ කොල්ලෙක් ද කිව්වොත් එයා හැම තප්පරේම හිටියෙ කෙල්ලෙක් ඇගේ දවටගෙන. ඒත් ශාන් කියන්නෙ කෙල්ලො නුරුස්සන කොල්ලෙක්. ශාන් කියන විදියට කෙල්ලො කියන්නෙ සල්ලි වෙනුවෙන් ඕන වෙලාවක ඇග විකුණන වංක ජාතියක් කියලා. මුලින් කේන් ශාන්ගෙ මතේ වෙනස් කරන්න හැදුවත් එයාගෙ කතාවට සම්පූර්ණයෙන්ම ඇත්ත නොවුනත් එතන යම් ඇත්තකුත් තියෙන නිසා කේන් ශාන්ගෙ ඒ life එකට ඇගිලි ගහන්න ගියෙ නෑ
නෙහාන් කුලතුන්ග
ගමක කොල්ලෙක් උන නෙහාන් කොලඹ එන්නෙ කොළඹ කම්පැනි එකක එයාට ලැබුන ජොබ් එක වෙනුවෙන්. තමන්ගෙ අසනීප මව තනියෙම ගමේ දාලා එන්න නෙහාන් අකැමැති උනත් අම්මගෙ බෙහෙත් වලට වියදම් කරන්න අතේ පිච්චියක් නැති නෙහාන්ට එන්නම උනා. තමන් ලග තියෙන හැම සතයක්ම හරිම අරපිරිමැස්මෙන් පාවිච්චි කරපු නෙහාන්ට පාට් ටයිම් ජොබ් එකක් කරන්නත් උනේ අම්මගෙ බෙහෙත් වලට ගිය දරාගන්න අමාරු විදියම නිසා. කොහොම උනත් තාත්තගෙන් ලැබුන හමේ පාටත් අම්මගෙන් ලැබුන ලස්සනත් නිසා නෙහාන් කියන්නෙ කාන්තා ආකර්ශනය නොඅඩුව තියෙන කොල්ලෙක්
ඉතින් මේ දෙන්නගෙ ජීවිත හරියට අහසයි පොළවයි වගේ
කොහොම ද මේ දෙන්නා මුණ ගැහෙන්නෙ?
කොහොමද මේ දෙන්නගෙ ජීවිත කනපිට පෙරෙලෙන්නෙ?
කතාව කියවලා බලන්න කියලා ආරාධනා කරනවා
😚❤️
YOU ARE READING
නන්නත්තාර [BL]ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fiction"තාත්තගෙ සල්ලි වලින් රගන කාලකන්නියා" මිනිස්සු එයාට කිව්වෙ එහෙම • BL STORY