තද නින්දකට වැටිලා හිටපු නෙහාන් ඇහැරුනෙ ෆෝන් එක කන අස්සෙ ඉදන් කෑ ගහන්න ගත්ත නිසා
"හෙලෝ...."
නෙහාන් ඇස් දෙක පියාගෙනම ෆෝන් එක කනේ තියා ගත්තා
"අහ්.. පුතා.. ගුඩ් මෝර්නින්"
ඒ ක්ලබ් එකේ මැනේජර්.. මැනේජර්ගෙ කටහඩ ඇහුන ගමන් කොල්ලා ඇදෙන් වාඩි වුනේ ඊයෙ දවස මතක් වෙද්දි
"ගු..ඩ් මෝර්නින්.."
"මොකද පුතා තාම බය වෙලා ද ඉන්නෙ?"
මැනේජර් අහද්දි නෙහාන්ට කියන්න ඕන උනා නෑ මට ඊයෙ වුන දේවල් මතකවත් තිබ්බෙ නෑ කියලා. ඒ උනාට හරි නෑනෙ
"අහ්.. නෑ නෑ"
"ඔන්න අර මිස්ටර් වික්‍රමසිංහගෙ පුතාට සිහිය ඇවිල්ලා.. මිනිහා බීලා ඉදපු නිසා උන දේවල් මුකුත් මතක නෑලු"
"අහ්.. වෙලාවට"
ශාන් හැමදේම කිව්වා නම් මිස්ටර් වික්‍රමසිංහගෙන් තමන්ටම බුරුලක් ලැබෙන් නැති බව නෙහාන් දන්න නිසා කොල්ලා සැනසුම් සුසුම් හෙලලා ඇදෙන් බැහැලා ගියෙ හැමදේම අමතක කරලා දාලා ජොබ් එකට යන පලවෙනි දවස කොහොම වෙයිද කියලා හිත හිත
කලින් දවසෙ මැදලා අරන් තියපු රෙදිත් ඇදගෙන සපත්තු දෙකත් දාලා කොල්ලගෙ කාමරේ තිබුන පොඩි කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ බලන්න ගත්තෙ කොන්ඩෙත් අව්ල් කරන ගමන්
"නලුවෙක් වෙන්න ඕන කෙනෙක් මම හරිනම්.. කෙල්ලොන්ට රැවටෙන් නැතුව ඉදපන් හරිද"
කණ්ණාඩියෙන් පේන තමන්ගෙ රූපෙටම තරවටු කරපු නෙහාන් පයින්ම යන්න පිටත් උනා.. නෙහාන් හිටියෙ පොඩිම පොඩි කුලී නිවසක් අරගෙන.. කොල්ලට මේ තැන ටිකක් අඩුවට හම්බ උනේ ගමේ කෙනෙක්ගෙ මාර්ගෙන්.. නැත්තන් නවතින්න තැනක් හොයා ගන්න බැරුව කොල්ලා හිටියෙ අසරණ වෙලා
බස් එකේ හිරවෙලා තද වෙලා ආපු නෙහාන් බස් එකෙන් බැස්සෙ පොඩි වෙච්ච ශර්ට් එක හදන ගමන්
"නෙදකින් අම්මපා මේ බස්"
නෙහාන්ට හිතුනෙම මුදුනක් පේන් නැති මේ බිල්ඩින් එක තිබුනෙ අහසෙ ගෑවි නොගෑවි කියලා.. කොලඹ අයටනම් මේක ගානක් නොතිබ්බට නෙහාන්ට නම් හැමදේම අලුත්.. කාර් වලින් බයික් වලින් ඇවිල්ලා බිල්ඩින් එක ඉස්සර වාහන පාක් කරන අතරෙ නෙහාන් ගියෙ පයින්.. ඒවා දකිද්දි කොල්ලත් කවද හරි ගන්නවා කියලා හිතා ගත්තත් ආයෙ ඒ අදහස නැති උනේ අසනීප අම්මව පෙනුන නිසා
YOU ARE READING
නන්නත්තාර [BL]ᵒⁿᵍᵒⁱⁿᵍ
Kurgu Olmayan"තාත්තගෙ සල්ලි වලින් රගන කාලකන්නියා" මිනිස්සු එයාට කිව්වෙ එහෙම • BL STORY