කැරමල් පාට අහසින් හිතුවක්කාරෙට කඩන් වැටුනු දුඹුරු අව්ව
රාක්කෙ කෙලවරක ' හෝම්ස් ' ගෙ ආශ්රයට වැටෙන්න කලියෙන්
සැප්තැම්බරයෙ අග කාර්තුවෙ උතුරින් හමන හීතල හුලං පාරක් ඇහෙන නෑහෙන ගානට කියන් ගියෙ වසන්ත කාලයේ ඇරුබුම
කෝමත් ඔය දැන් එන්න තියෙන්නෙ 'වින්දෙමියා' කාර්තුවක්...දුබුරු පාට යකඩ ටින්ටස් ඇණය උඩ එල්ලපු කැලැන්ඩර් කොල හරියටම විසි හතරකට පෙරාතුව..
එදා හරි ' මෝල්ට් ' රස රැයක්..
ඇත්ත ඔයා ලස්සනම වසන්තයෙ චෙරි පාට පුරවගත්තම
අලු පාට හීනි ඇස් දෙකෙලවර පැස්ටල් රෝස තවර ගත්තම
ඉදලා හිටලා බ්ලූ බෙල්ස් මලක් අරන් ලා රෝස පාට ඇගිලි තුඩු අතර රදවගත්තම
දන්නවද ඔයත් මට නිකන් ' ප්රංශ ස්පාලික් වයින් උගුරක් ' වගේ..කෝමහරි මේ වසන්තය එද්දි මං
' එක්ස්පර්ට් ' බේබද්දෙක්.06.10.2024
SD_Sith