2

8 3 2
                                    

"මොන ලෝකෙං හරි මාව ගෙන්න ගන්න ඕන මොකටද රෝ?!"

එක් වරම ඇසුණ ඒ මෘදු ගැහැණු කටහඬ හමුවේ රොන් පුටුවෙන් නැඟිට ගත්තේ ඒ කටහඬේ අයිතිකරු ගේ කර වට දෑත දමා එල්ලුණි.

ඇය ද රොවේන් ගේ ගත වටා සිය දෑත යවා ඔහුව වැළඳ ගත්තේ ජේ නම් මේ කෝළම් දෙස සිනා සිසී බලා හිඳිනා අතරය.

"අපි මේ හැදුවේ බෙලා ට ටටා බායි කියන්න නෙ

බෙලාට ටටා බායි කියන්න අපි දෙන්න විතරක් මදි!

ඒකට මේ පොඩි දරුවගෙ ආන්‍යා ත් ඉන්න ම ඕන නෙ!"

"බෙලාට.... ටටා බායි කියන්න?!"

ආන්‍යා නම් වූ ඇය රොවේන් සමඟම දෙපසට පැද්දෙමින් කීවේ ⁣ප්‍රහේලිකාවකට මැදි වූ මානසිකත්වය ක හිඳ ය. ජේ ද අසුනින් නැගිට ගත්තේ රොන් ගේ හිස යළිත් මෘදු ලෙස පිරි මැද්දේ ආන්‍යා ඔහු දෙස බලා රොවේන් ගේ වචන වල අරුත අසන විටය.

"මං මේ දඟ දඟේ ගෙං ඇහුවා පියානෝවට යං ද කියල!"

ජේ කීවේ ආන්‍යා අවසානයේ රොවේන් ව තුරුලෙන් මුදවා තිදෙනාම යළිත් අසුන් ගන්නා අතර ය.

"ඉතිං......"

ආන්‍යා හූ මිටි තැබුවේ රොවේන් මේසය මත පෙරලා දමාගෙන හුන් පොත තමා අසලට ගෙන බලමිනි.

"මට ඕන වුණේ නං vivaldi summer play කරන්න!

⁣ඒ වුණා ට මේ කෝළමට බැරිලු ඒක!"

ආන්‍යා පොත යළිත් තිබූ තැනටම තල්ලු කරගෙන රොවේන් දෙස බැලුවේ ය.

"අර මොකො චූටි එහෙම?!

Vivaldi summer කියන්නෙ ඔයාගෙ favorite ම එකක් නෙ!"

"මෙහෙ තියෙන violins ටික service වලට යවලා!

Vivaldi summer ලස්සන only piano විදිහට play කරද්දී නෙවෙයි!

Violin & piano duet එකක් විදිහට!"

රොවේන් පැහැදිලි කළේ ජේ පුදුමය පිරුණු දෑසින් ඔහු දෙස බලා හිඳින විටය. ආන්‍යා නම් කිසිදු පුදුමයක් නොමැතිව රොවේන් ගේ හිස යළිත් පිරි මැද්දා ය.

"එතකොට මොකක් ද මේ බෙලාට ටටා බායි කියන කතාව?!"

ආන්‍යා ට තවමත් රොවේන් ගේ පද පෙරළිය තෝරා ගත නොහැකි වූ සෙයකි. රොවේන් ජේ ට ඇසක් ඉඟි මරා සිනාසුණි.

8th RITUAL Where stories live. Discover now