4

11 2 0
                                    

“ඔව් අපි සමරමු!

ඩේමියන් වෙනුවෙන් දකුණෙන් එන ඇය වෙනුවෙන් ම"

ජේ පැවසුවේ ඩේමියන් ගේ කරටද අත දමාගෙන ය. ඩේමියන් ද ජේ ගේ කර වටා අත දමා ගත්තේ ය.

රොවේන් ගේ වත මැලවී ගොසින් තිබුණි. නමුත් හේ තවමත් නොවෙනස් ලෙසින් සිය කාර්යයේ නියැලෙයි. ආන්‍යා ට වෙනස වැටහී තිබුණත් මේ අවස්ථාව ඒ ගැන ඇසීමට සුදුසු නොවන වග ඈ දැන හුන්නා ය. ඉදින් ඇය කළ හැකි එකම දෙය ලෙස රොවේන් ගේ නිදහස් අත මඳක් පිරිමැද නැඟිට ගියාය.

රොවේන් ටද තවත් පාඩම් වැඩ වල නිරත වීමට අදහසක් නැති සෙයකි. ඉදින් ඔහු ද සිය පොත් පත් ආදිය අකුලන්නට විය. ජේ එය දුටුවේ ය. හිසින් ඇයි ද කියාත් ඇසුවේ ය. රොවේන් එයට හිස සලා පිළිතුරු දුන්නේ කිසිත් නැති ලෙස ය.

ටැබ් පරිගණකයේ දිග හැර තිබූ මෙවලම් නැවත අකුලා දැමූ පසු රොවේන් යළිත් ඒ සොඳුරු කලු පැහැ දෑස දෙස මඳක් බලා හුන්නේ ය. බලා හිඳීමෙන් පලක් නැති වග දැනී අවසානයේ රොවේන් නැගිට ගත්තේ බිල ගෙවා දමා අවන්හල් දොරටුවෙන් එළියට එන්නට විය.

ආන්‍යා තවමත් ක්‍රිම්සිතාඩෙල් හි පිවිසුම අසල විය.

"අක්කේ!"

දොරටුව ඉදිරිපිට අතු පතර විහිදා වැඩී තිබූ දේවදාර ගස දෙස බලාගෙන කල්පනාවේ හුන් ආන්‍යා ව තිගැස්සී ගියේ රොවේන් ගේ ඇමතුමට විය.

"රෝ දන්නවා ද වෙලෝරියාවේ හැම ගෙදරකම මිදුලේ කොටින්ම කඩයක් ඉස්සරහ පවා දේවදාර ගහක් වවලා තියෙන්නේ ඇයි කියල!"

ආන්‍යා ඇසුවේ තමා පසෙකින් සිට ගත් රොවේන් දෙස එක් වරක් බලා යළිත් දේවදාර ගසේ මුදුනට එපිටින් අහස දෙස බලා ගත්තාය.

රොවේන් බර හුස්මක් පහළට අත හැරියේ ය.

"අවාසනාවේ මඟ අහුරන්න!"

රොවේන් කීවේ සිනාවක් සමඟ විය. ආන්‍යා යළිත් රොවේන් ට කතා කළා ය.

"ඒ කොහොමද කියල ඇහුවොත්?!"

"තනියම එන රේවන් කෙනෙක් ට නවාතැන් දීලා!"

රොවේන් කීවේ ඔහුත් ආන්‍යා ගේ ඉලක්කය දෙසම දෑස රඳවා ගෙන විය.

"රේවන් කියන්නෙ වෙලෝරියාවට ශුද්ධ වූ සත්ත්වයෙක් රෝ!

8th RITUAL Where stories live. Discover now