කාලේ ඉක්මනට ගෙවිලා ගිහිල්ලා..වාර විභහාගෙත් හොදට ලියා ගන්න පුලුවන් වුනා..හොදට ලිව්වේ නැත්නම් පන්තියේ තුනවෙනියා වෙන්න බැනේ ඉතින්... අවුරැද්දට නිවාඩු දෙන්න කලින් ඉස්කෝලෙන් අවුරැදු උත්සවයක් ඔර්ගනයිස් කරලා තිබ්බේ.අද ඉතින් ඒ දවස.ලමයි පාට පාට ඇදුම් ඇදන් ඇවිල්ලා තිබ්බා.
Top board එක කතා වෙලා අද වයිට් ඇන්ඩ් බැල්ක් කලර් ඇදන් ආවා..මන් එද්දි ඇදන් ආවේ ටැමිල් විදිහට..
නෑගම් යන්න එපැ.."ඒ ලිහන්සි එක තැනක ඉදපන්කෝ..මන් උඹේ මල් එක ගෙනාවා..කෝ එන්න ගහන්න...."
"මල් එක සුවදයි බන් "
"Fresh flowers "
"ඕහ්..හරිද..?"
"ආ..හරි දගලන් නැතුව හිටපන්..එතකොට ගැලවෙන්නේ නැ..මේහ් අද උඹ පට්ට ලස්සනයි ඕයි...
අරැ දැක්කොත් පිස්සු හැදෙයි..""අනේ මේ.."
"ෆෝටෝස් ගන්නවනේ එතකොට යවමු..මට උඹව මිරිකන්න හිතෙනවා ඕයි.."
"ඉතින් මිරිකපන් මන් එපා කිව්වා ඇ.."
මගේ කම්මුල් දෙකෙන් අල්ලලා දෙපැත්තට ඇදලා කම්මුලට කිස් එකක් දුන්නා..මෙයාගෙත් මහ කෝල්න්..
පොඩිකාලේ ඉදන්ම ඔහොමයි.."අනේ මගේ උම්මා කැටේ.."
"රිදෙනවා බන්.."
"තොරිරිරි...මේහ් දැන් ඉස්සරහට යන් නේ.."
මුලින්ම අපි කට්ටිය නෑගම් ගියා...මන් හිටියේ දෙමල අම්මට වෙද්දි සිංහල අම්මට හිටියේ පුර්ණිමා..අද එයත් මාර ලස්සනයි..බතික් සාරියක් ඇදලා..කොණ්ඩේ ලස්සන ගෙඩියක් ගහලා මලක් ගහලා..අර වෙනදට තියෙන ලොකු කම බැහැලා කොහේද මූන එලිය වෙලා..
මාව දැකලා පුදුමයකට හිනා වුනා..අමතක වුනානේ දැන් අපි මේ රග පානවනේ..මන් ඉතින් දෙකට තුනට නැමිලා ආයුබෝවන් කිව්වා..ආහ් නැ නැ වණක්කම් කියලා කිව්වේ..අවුරැදු චාරිත්ර කරලා ඉවර වෙලා ප්රෝග්රෑම් එක පටන් ගත්තා.මන් චාරිත්ර ඉවර වෙලා මන් ගෙනාපු ලුන්ගිය ඇන්දා..ඒක තනියෙන් ඇදගන්න බැ අප්පා..මන් මෙවනිට කියලා අන්ද ගත්තේ..කටු සියක් විතර ගැහුවා කඩන් වැටෙයි කියලා..ප්රෝග්රෑම් එක මැද හරිය මගෙයි තව මට අවුරුද්දක් විතර බාල නංගි කෙනෙක්ගෙයි ඉදිරිපත් කිරිමක් තිබ්බා..
YOU ARE READING
තෝඩු (ONGOING)
Romance"මන් මේ අල්ල ගත්ත අත කවදාවත් අත්හරින්නේ නැ සූදූ..මැරෙනකම්ම මන් මේ අත අල්ලන් ඉන්නවා.." Beautiful love story..👩❤️👨 2024.08.15