එයා හරි පොශ්...ඔව් අර ලේ රතු සාරියට
කෝමළ මෝස්තරකාරියක්...මල් ඇලජික් කාරියක්
මන් උන්නු කෝවිලේ තාප්පේ...ඒකිට 'ඔස්කාර්' දිනපු සිනමාවක්දන්නවද..,
" ආදරේ තියෙන්නෙ වරා මලකට පිබලා කදුලුත් වට්ටන උන්ට "
ඉතිං ඇස් වලින් ආලේ මරපු පවට පලිදරන්න වුනේ ' සිංහල ' මෙ මටමන් කෝමත් ' ලක්කාරයා ' නෙවෙයි
ඔක්තෝබරයකලු ' කුංකුම ' මලුත් පූදින්නෙ..මටත් ඇහුනා ලාවට වගේ කෝවිලෙ එකෙක් එහෙමත් කියනවා..ඔව් ඒ එදා..
රළ ගහන කලු මුහුද හරි මැද්දෑවට වෙන්න
' රතු පාට ' නිම්බස් වලාකුළක් ' තැවරිලා ' තිබ්බා.නිකමට වගේ ඇහුවෙ..
කොටිත් ගැහුවෙ සිංහ ලේ ට විතරද..?12.10.2024
SD_Sith