21

481 84 26
                                    



"පරිස්සමින් ඉන්න...සිහින...අපේ බබාව...බලා ගන්න..."

"ඒ ගැන බය වෙන්න එපා සෙනූ...හැමදේම හොඳින් කර ගන්න... ගිහින් මට කෝල් කරන්න... පරිස්සමට ඉන්න..."

ගුන්තොටුපලේ වෙන්වීමේ දොරටුව ලඟදි සෙනුරි ඇඬුම් අතරෙම අම්මලටත් සමුදීලා සිහිනටයි පුංචි ආල්යටයිත් සමු දීලා ඇතුලට ඇවිදගෙන ගියා... එතකොටත් ආල්යා හිටියේ නිදාගෙන... ඒ අතරේ සිහිනගේ අම්මා තවමත් සෙනුරිගේ ගමන ගැන අසතුට ප්‍රකාශ කරනවා...

"අනේ මේ දරුවට මේ ගමන යන්නම ඕනේ උනානේ..."

"අපි දැන් තවත් ඔය ගැන කතා කරලා වැඩක් නෑනේ අම්මේ..."

සෙනුරි ගිය දවසේ රෑ සිහින කෝකටත් කියලා එයාලගේ අම්මලගේ ගෙදර නතර උනා... මාස හයක්ම දවල් දවසෙම අම්මගේ උණුහුමේ හිටිය ආල්යට එකපාරට අම්මා නැති අඩුව දරා ගන්න අමාරු වෙයි කියලයි හැමෝම හිතුවේ... ඒත් පහුවදා දවල් වෙනකල් එහෙ හිටියත් ආල්යට එහෙම කාන්සියක් දැනෙනවා පේන්න තිබුනේ නෑ... සමහරවිට ඒකට හේතුව අන්තිම මාසේ ආල්යව සෙනුරි එයාගෙන් ඈත් කරලා අම්මලට හුරු කරපු එක වෙන්න ඇති... ඒ නිසා සිහින හවස ආයෙත් ආල්යා එක්ක එයාලගේ ගෙදරට ආවා... දවල්ටත් කාලා රෑටත් කෑම එකක් ඔතාගෙන ආපු නිසා සිහිනට රෑ කෑම ගැන වද වෙන්න ඕන උනේ නෑ...

"අපි එහෙනම් මගේ චූටි දූගේ කුක්කු එක හදමු හලිද... මගේ චූටි මැණිකට කුක්කු බඩගිනිලුනේ... චූටි පැටියට දෝ ගන්න කුක්කු ඕනනේ නේද මගේ පැටියෝ..."

ආල්යව එක අතකට වඩාගෙන සිහින කුස්සියට වෙලා කිරි එක හදන ගමන් කියවනකොට ආල්යත් සිහින දිහා බල බල හිනා වෙනවා... මාස හය පහු වෙලා නිසා දැන් ආල්යට solid foods දෙන්න පටන් අරන් තිබුනා... සිහින හවස පහ  වෙනකොට ආල්යට අලයි කැරටුයි තම්බලා බ්ලෙන්ඩර් කරලා කැව්වා... දැන් රෑ හත වගේ වෙලා නිසා කිරි එකක් හදලා පොවලා ආල්යව වේලාසනම නිදි කරන්නයි සිහිනගේ කල්පනාව... දවල් දවසෙත් ලොකුවට නිදාගත්තේ නැති නිසා ආල්යත් ඈනුම් යව යව හිටියේ...

"බබා නිදිද සිහින..."

"මේ දැන් නිදා ගත්තේ සෙනූ...බඩු ටික අස් කර ගත්තද...තැන හොඳද..."

Locked feelings  ☑️Tempat cerita menjadi hidup. Temukan sekarang