2 🫒

1 3 0
                                    

රාත්‍රීයේ නිවස අසලම තිබුනු ඔලිව් ගස යට තණ ගොල්ලේ නිදා සිටි ඇඩෝනිස් තරු රටා දිහා බලන් හිටියේ තරු තරම්ම දිලිසෙන ඇස් වලින්..

සාමාන්‍යයෙන් මේ තමයි ඔහු ආසම වැඩෙ.. පියාණන් එනකන් ගස යටට වෙලා අහස දිහා බලන් හිටිය ඔහුගේ අවධානය බිදුණේ ඈතින් එන පියාණන්ව දැකලා..

හැබැයි ඉන්නෙ !!

" කවුද මේ ? "

නොපැහැදිලි ඡායාවක්.. අදුරත් එක්ක නම් ඔහුට පියාණන්ගේ පිටුපසින් එන ආගන්තුකයව අදුන ගන්න බැහැ..

ගස පාමුලින් නැගිට්ට ඔහු දිව ගියේ පියාණන් වෙතටයි.. ඇඩෝනිස් ගෙ මෑනියන් ද තම ස්වාමියා එනකන් බලා සිටියේ එළියට වෙලා.. නමුත් ඇයටද මේ ආගන්තුක මුහුණ ප්‍රශ්නාර්ථයක් !!

'" පීටස් කවුරුන්ද මේ ? "

අවසානයේදි ඇය විමසුවා.. ඇඩෝනිස් ද දෑස් අයාගෙන සිටියේ..

" මාගෙ මිතුරෙකුගේ පුතණුවන් කෙනෙක්.. අද සිට අපිත් එක්ක හිදියි ඔහු.. ශිල්ප ඉගැනීමට අවැසී ඔහුට.. "

පීටස්ගේ බිරිය කිසි විටකත් ඔහුව නැවත ප්‍රශ්න නොකරයි.. කෙසේ හෝ ඇඩෝනිස් නම් තවමත් බලා සිටියේ ඔහුගේ වෙන්න අලුත් මිතුරා දෙසය..

සියළුම දෙනා රාත්‍රී ආහාරය ගැනීම සදහා මේසයේ වටවී ඉන්නේය.. පුංචි ඇඩෝනිස්ට නම් කුසගිනි.. ඔහුට කොහොමත් ආහාර තමයි වැදගත්..

" ඔබ අපට මේ දරුවව අදුන්වා දෙන්නැද්ද පීටස් "

ඇඩෝනිස්ගේ මව කාරුණිකව ඇසුවා..

පියාණන් සමග කහ පැහැති කොණ්ඩ කොල්ලා පැමිණියත් තවම ඔහු පුංචි ඇඩෝනිස් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැ.. ඒ නිසා ඇඩෝනිස්ත් ඔහු දිහා බලන්න ගියෙ නෑ.. ඊට වඩා පියාණන් චීනයෙන් ගෙනාව අලුත් තීන්ත කුප්පි සමග කාර්‍යබහුල වීමට ඔහුට තිබුනා..

කෙසෙ වෙතත් මවගේ පැනයෙන් පසු ඇස් දෙක ලොකු කරගෙන ( puppy eyes ) ඇඩෝනිස් ද බැලුවේ ඇස් දෙක බිමට හරවන් හැන්දෙන් ආහාරය ගන්න කහ කුරුල්ලා දිහා.. පුදුමයක් නෑ මොහු නිකන් ඔලිව් අත්තේ වසා සිටින කහ කුරුල්ලා වගේමයි.. ඒ වුනාට නිල් පාට ඇස් දෙක නම් ආකර්ෂණීය වැඩි වගේ.. ඇඩෝනිස් දැන්නේ හරියට ඔහුගේ ඇස් දැක්කේ..

SECRETS OF THE OLIVE GROVEWhere stories live. Discover now