ඉතින් වෙනදා වගේම මන් ඉස්කෝලේට ඇවිත් පිට්ටනියේ සියබලා ගහ යට ඉදගත්තා...
ඇස් පියාගෙන ඉද්දි ටිකක් ලගින් හරි අමුතු සුවදක් දැනුනා..
"ම්ම්..."
"මොනාද.."
"ගුඩ් මෝර්නින්..කල්හාර මල් ටිකක්.."
"මෝර්නින් මට මොකටද.."
එහෙම කියද්දි ලා හිනාවක් එක්ක මගෙ ඔඩොක්කුවෙන් මල් ටික තියලා එහා පැත්තෙන් වාඩි උනා..
"අද මන් සින්දුවක් කියනවා..""ඉතින්.."
"මට පේන තැනකින් වාඩි වෙලා ඉන්නවා ඒ ඇති..මතක ඇතුව උදේ රැස්වීමට එනවා..."
"යැයි යැයි තමා.."
"ම්ම්.."
ඉතින් මන් ටිකක් වෙලා ඉදන් ඉදලා බෙල් කරද්දි ගියේ රැස්වීමට..ඇත්තටම ඒකනම් කරුමයක් පැය ගානක් හිටන් ඉන්න එපැයි..අපෙ ප්‍රදාන රැස්වීම කරන්නෙ එලේවල් අය..
අද මැත්ස් එකට මන් හිතන්නෙ..එතකොට අර මනුස්සයාත් මැත්ස් මන් හිතන්නේ..අනේ මට මොකො..!!!
මන් ඌට පෙන්නෙ නැති තැනකින් ගිහින් හිටගත්තා..පුහ්..දෙන්නම් බොට..!!!
"මල්ලි උබ කොටයි යමන් ඉස්සරහට.."
අයියෝ හැමතැනම !!!
කොට නිසානේ මේ සේරම..ඒ පාර අර මනුස්සයා ඉන්න මහ කැත කට කොනෙ හිනාවක් දාගෙන..කොටනවා සනික ඇයි යකෝ.. ඔන්න ඉතින් පැය ගානක් හිටන් ඉදලා ඉදලා අරකගේ සින්දුව..මාත් ඉතින් බලාගෙන හිටියේ මොකක්ද ඔච්චරටම කියන්න යන්නෙ කියලා ..
මෙන්න ඒ පාර මූ මගෙ දිහා බලලා හිනා උනා..අනේ පලකෝ වද දෙන්නෙ ඇයි යකෝ මාර වෙඩිමක් උනානේ මේක..!!!