වෙනදා වගේම ඉස්කෝලේට ආවත් මට ඉක්මනට ගෙදර යන්නයි ඕනි උනේ..අද අර මනුස්සයා මූනටම හම්බ උනත් එයා නෙමෙයි මා දිහා එක පාරක්වත් බැලුවෙත් නැ...අනේ මන්දා..
පන්තියට ඇවිත් ඩෙස් එකෙන් බෑග් එක තියද්දියි දැක්කෙ අදත් කල්හාර මල් ටිකක් මේසේ උඩ තියෙන වග...
ලන් කරගනත් බැරි ඈත් කරන්නත් බැරි මිනිස්සු ලග අපි නොසෑහෙන්න අසරණයි...!!!.
ඉස්කෝලේ ඉක්මනට ඉවර උනා කියලමයි මටනම් හිතුනේ...ඉක්මනට බෑග් එකත් දාගෙන මන් ආවේ කෝච්චයට යන්න...ඒත් ටික දුරක් යද්දි මාව පිටි පස්සට ඇදිලා ගිහින් කාගෙ හරි ඇගක වැදුනා..
"ඔය බලාගෙන ...පරිස්සමට යනවා ආඩම්බර කාරයෝ.."
උරුලෑවා..!!!!! ඌම ඇදලා ඌම පරිස්සමට යන්නලු...මන් ඌටත් රවලා ඉක්මනට ස්ටේශන් එකට ආවා ඒ එද්දිත් කෝච්චි නවත්තලා ඉක්මනට ඒකේ එල්ලුනේ ඕක බැරි උනොත් පැයක් ලගින්න වෙන හින්දා...
ගෙදරට ඇවිත් වොශ් එකකුත් දාගෙන මන් ආවේ පාඩම් වැඩත් කරන්න හිතාගෙන..
තැලුනු කල්හාර මල් හරි ලස්සනයි...ඒ සුවද හිත නිමනවා..
අදත් ඒ මල්වල පොටෝ එකක් ගැහුවේ ඇයි කියන්න නම් දන්නේ නැ..
ගනන් වගයක් හදලා අන්තිමට පෝන් එකත් අරගෙන ඒ මල් දිහා බලාගෙන ඉද්දි මට මැවුනෙම ඒ තද කලු ඇස් දෙක...
#මල් තැලිලා පොඩි වෙලා යනවා ඉක්මනට..
මල් ඉකි ගහනවා කාටත් නොපෙනෙන්න...
මල් අනිත් අය කඩාගන්නවා හරි ඉක්මනට...
බිදුනු මිනිස්සුන්ට හොදම උදාහරණයක් තමයි !!!
"මල්.."හිතුන වචන ටිකක් අමුණපු මම ඒ විදියට දාලා විනාඩියක් යන්නැති ඕන්නම්..අදත් ඊයේ වගේම හරි ලස්සන ගැලපුමක් මට එහා පැත්තෙන් ලැබුනා..!!
දන්නවද ළමයෝ ,
තැලුනු මලක් උනත් හරි ලස්සනයි...
වතුර දාලා පරිස්සමෙන් බලාගත්තොත්...හ්ම්ම්..හැමදාම වගේ මන් ඒ වචන ඉස්සර හූමිටි තිබ්බා විතරයි..මේ මනුස්සයා තේරුම් ගන්න අමාරු මනුස්සයෙක්...
ඔන්න ඒ පාර මොනවදෝ කොටනවා ...
මොකො කරන්නේ...
මුකුත් නැ..ඔයා
ඉන්නෝ අප්පා..ඉස්කෝලේ ගියාද..
ඔව්..
කාලා එහෙමද..
ම්ම්..
සුදු හැම එකටම ම්ම් ම්ම් කියන්නෙපා එතකොට මිනිස්සු උබට අනුකම්පා කරන්න ගන්නවා...
තේරුනාද..ඒක පුරුදු වෙලා අනේ..
හිමීට නතර කරමු අපි..දැන් නිදාගන්න හොද ලමයා වගේ..ම්ම්..
ගුඩ් නයිට් ...ගුඩ් නයිට් පරිස්සමෙන් ඉන්න..
මගෙ මැනිකත්..
එතනින් එහා කතා නොකර ම මාත් නිදාගත්තා...ඒ මනුස්සයා මට ප්ලේ එකෙ කතා කරන නම් වලින් තමයි චැට් කරන්නෙත් ඉතින් මට ඒක ගානක් නැ...උදේම නැගිටලා ඉස්කෝලේට ගිය මට අදත් කල්හාර මලක් එක්ක පුන්චි කොල කෑල්ලක් ලැබුනා..
වොහ්..ගෑනු ලමයෙක්ටත් වඩා ලස්සන අකුරු..!!!
ඒක සමීකරණ වචනයක්..!!___+______+______+______+_______+_____
හලෝව්
කොහොමද
එන්නම්..💗
ස්තූතියි ❤️
Cho chea jun...🍃