1කොටස

0 0 0
                                    

මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිත වේ.

                                                              

▪️"මොනවද උබ ඔච්චර කල්පනා කරන්නෙ ආ.."

බියර් කෑන් එකකුත් අතේ තියාගෙන බැල්කනියෙන් පහන එහේ මෙහේ යන වාහන දිහා බලන් හිටියා තැනැත්තිය හැරිලා බැලුවේ තමන්ගෙ හොදම යාලුව දිහා.කට කොනට ගත්ත හිංසක හිනාවක් එක්ක.

▫️️"මුකුත් නෑ බන්.  මේ හැමදේම හීනයක් වගේ දැනෙනවා ..ඒ එක්කම හිතට මහ අමුතු බයකුත් එනවා."

▪️"..නෑවිත් කොහොමද හෙට දවස කියන්නෙ කොච්චර වටින දවසක් ද ?..උබයි බලන් හිටිය දවස මේක නෙවෙයිද?"

▫️️"අනූ"

▪️"ම්ම්"

▫️️"තෑන්ක්ස් බන්..උබ නැත්තම් මන් අද මෙතන නෑ."

▪️"ඒක ඇත්ත"
අනූ හිනා වෙන ගමන් තම මිතුරියව හරි ආදරෙන් වැලදගත්තා.

▪️"ඉතින් කෙල්ල ලෑස්ති නේද?..බය වෙන්න ඔක්කොම හොද විදියට කෙරෙයි."

▫️️"මාත් එහෙම හිතනවා..උබටත් ඕනිද?.."
අතේ තිබ්බ බියර් කෑන් එකට ඉගි කරන ගමන් සිහිනි තම මිතුරියගෙන් ඇහුවෙ ඇය 'ඔව්'කියන්න ඔලුව වනද්දි.

ඒත් එක්කම එතන පහලින් තිබ්බ තව බියර් කෑන් එකක් අරගෙන ඒක කඩලා මිතුරියට දුන්නෙ නැවත්තත් බියර් උගුරක රස බලන අතරතුරදි.

▪️"අන්තිමට උබ මට මේක පුරුදු කරා එහෙනම් ."

▫️️"අනේ මෙන්න වැඩක්.මන් කිව්වද බොන්න කියලා එපා නම් දීපන් මට දෙකක් වැඩි නෑ."

ඒ කියාගෙන සිහිනි යාලුවගෙ අතේ තිබුන බියර් කෑන් එක උදුරන්න දගලනවා..

▪️"උබ නම් වෙලාවකට දාර බේබද්දෙක් වගේ බන්."

මිතුරියන් දෙපලම හිනා වෙවී කාතාකර කර පැය කීපයක්ම බැල්කනිය උඩට වෙලා ඉද්දි වෙලාව යනව ද්දෙන්නටම තේරුනේ නෑ.

▫️️"එකොළහමාරයි .යමන් නිදාගාන්න්නා ."

එහෙම කියලා සිහිනි ආනු එක්ක නිදාගන්න ගියා.ටිකා වෙලාවක් යද්දි අනූ හොදට නිදගත්තත් සිහිනි කලේ උඩ සිවිලිමා දිහා බාලන් තමන්ගෙ ජීවිතේ ගැන මතකාවර්ජනය කරපු එක.


මාතු සම්බන්ධයි .

සිහිනි 💭(ongoing)Where stories live. Discover now