කෙමෙන් කෙමෙන් කාලය ගත් උනා.සිහිනිට පාසල් යන්න අවශ්‍ය උනේ නෑ මොකද පාසල් ගියා කියලා කෝමත් කරන්න දෙයක් තිබ්බෙ නෑ.උගන්නන්න ගුරුවරු නැතුව ගිහින් ඉදලා එන් එකේ කිසිම තේරුමක් නෑ.සිහිනි ගමේ තොග බඩු කඩේ රස්සාවක් හොයාගත්තා අත්උදව් දෙන්න.මහා ලොකු ගානක් ඒකෙන් සිහිනිට හම්බෞනේ නෑ.ඉතින් මදි පාඩුව පියවගත්තෙ එක එක කුඹුරු ඉඩම් කොරටු වල කුලී වැඩ වලට ගිහින් නැහිලා නැහිලා.මොකද පංති තුනට ඕන වියදම් වගේම බස් එකට යන වියදම් පියවගන්න.පංති තිබ්බෙ ටවුමෙ නිසා පැය බගයක් බස් එකේ යන්න තියෙනවා.පලවෙනි අවුරුද්දෙ පංති තිබ්බෙ සෙනසුරාදා ඉරිදා විතරක් නිසා ලේසි උනත් දෙවෙනි අවුරුද්දෙ සතියෙ දවස් වලත් පංති වැටුන නිසා සිහිනිට ටිකක් අමාරු උනා .ඒත් කෙල්ල කෝම හරි පංති ගිහින් දෙන නෝට් ටික පොතේ සම්පූර්ණ කරගත්තා.මොකද එක දවසක් හරි මිස් උනොත් ඒවා කියලා දෙන්නවත් ඒ මගඇරුන නෝට් ඉල්ලගන්නවත් කිසිම කෙනෙක් සිහිනිට හිටියෙ නැති නිසා..පංතියේ එයා ඉන්න ඩෙස් එක්ට කවුරුවත් එන්නෙදත් නෑ..ඉන්ටවල් එකට හැමෝම කෑම කනකොට කඩචෝරු කනකොට සිහිනි කලේ ඩෙස් එකේ කොනේ ඔලුවගහගෙන නිදාගත්ත එක..මේ ඉගෙන ගන්න වැඩ සිහිනිගෙ ආසාව නොව්නත් තම ගුරුවරියගෙ ඉල්ලීම නිසා සිහිනි ඒක කලා.ඒත් පාඩම් කරන්න ගෙදරට දෙන වැඩ කරන්න තරම් ලොකු උනන්දුවක් සිහිනිට තිබ්බෙ නෑ.ෆ්‍රී කාඩ් එකක් ගන්න උත්සාහ කලත් සිහිනිට ඒක ලැබුනෙ නෑ.මොකද එයා ට හැම පේපරේටම තිබ්බෙ ලකුනු තිහට අඩුවෙන් නිසා වගේ ගුරුවරු ෆ්‍රී කාඩ් දෙද්දි අයිඩී කොපි ග්‍රාමසේවකගෙන් ලිවුම් වගේ දේවල් ඉල්ලුව වගේම ඒම කාඩ් ඉල්ලද්දි අදිමදි කරා.ඉතින් සිහිනි ආයෙ ඒව ඉල්ලන්න ගියේ නෑ.එයාට පුලුවන් විදියට පංති ගාස්තු ගෙව්ව.
ඒත් හදිස්සියේම අත්තම්මා අසනීප උනා.ඒ වෙද්දි සිහිනි විභාගෙ පලවෙනි විශයට පෙනී ඉදලා ගෙදර ආවා විතරයි .ගෙදර සාලෙ වැටිලා හිටිය අත්තම්මව දැකලා කෙල්ලට හුස්ම ගන්නත් අමතක ඌනා දඩිබිඩියෙ පාරට දුවලා ත්‍රීවීල් එකකුත් අරගෙන අත්තම්මව ඉස්පිරිතාලෙ දැම්මට පස්සෙ දැනගත්තෙ සීනි වැඩි වෙලා කියලා.අත්තම්මට දියවැඩියාව තියෙනවා.ඉතින් සිහිනිට විභාගෙ ලියන එක අතරමග නවත්තන්න උනේ අත්තම්මා ඉස්පිරිතාලෙ නවත්තල එයාට සාත්තු කරන්න උන නිසා.
සතියකට පස්සෙ ටිකට් කපලා අත්තම්මා ගෙදර ගෙනාවත් ඩොක්ට කිව්වා එයාව පරිස්සමට බලාගන්න කියලා.ඉතින් ඉස්සර වගේ අත්තම්මට දැන් මාලු විකුනන්න කුලී වැඩ කරන්න බැරි වෙද්දි ..ඒ හැම වැඩක්ම සිහිනිගෙ පිට පැටඋනා..නැවත් වතාවක් විභාගෙ කරන්න ඕන උනත් සිහිනි පංති යන එක නතර කරා.මොකද අත්තම්මව බලාගන්න ඕන.එයාට දැන් වැඩපල කරන්න බෑ.ඇවිදින්නෙත් ටිකක් අමාරුවෙන් වෙද්දි.ගෙදර වැඩ උයන පිහන වැඩ අත්තම්මගෙ වැඩ ඔක්කොම කරන්න උනේ සිහිනිට.ඒ කරලා ආයෙ තොග කඩේ වැඩට යනවා.ආයෙ කූලී වැඩට යනවා.සල්ලි හොයන්න .අත්තම්මට ඕන කරන බෙහෙත් ගන්නත් ඕන.හැම මාසෙම අත්තම්මව ඉස්පිරිතාලෙ එක්ක ගිහින් එයාව චෙක් කරගන්නත් ඕන..ඉතින් සිහිනිට වැඩ ගොඩයි..
![](https://img.wattpad.com/cover/379586128-288-k367283.jpg)