~ මට මගේ සිතත් නැති ආදරෙත් නැතිමට ඔබත් පෙමත් නැති සුවඳ ලග ඇති ~
***
' Congratulations Ms.Peiris..Your hard work and dedication have truly paid off. Well done.. '
' Congratulations Ms.Aathri..'
'Congratulations Mam.. '
'Thank you very much.. '
' Thank you.. 'දැන් නම් ඇති අප්පා..උදේ ඉඳන් කන් දෙකට නිවනකුත් නෑ කටට නිවනකුත් නෑ..දකින දකින කෙනා ළඟට ඇවිත් විශ් කරනව මදිවට ෆෝන් කෝල්ස් වලිනුත් විශ් කරනව.ඔය හැමෝටම බොරුවට හිනා වෙලා තෑන්ක් කරල තෑන්ක් කරල දැන් නම් මගෙ කටත් රිදෙනව.ඇයි වදේ.. ඉවරයක් නෑනෙ මේක.අනික මට හෙන මහන්සියි..පිසිකලි නෙවෙයි මෙන්ටලි ..කැරකෙන ලෙදර් සීට් එකේ හෙමීට හේත්තු උනේ ලැන්ඩ් ලයින් එකේ රිසීව' එකත් ෆෝන් බේස් එකට දමල ගහල තරහට වගේ හුස්මකුත් පිඹගෙනමයි.
හරි හරි ඉතින් ඊයෙ රෑ තිබුන අවෝඩ් සෙරමනි එකකදි මට ' NATIONAL BUSINESS EXCELLENCE AWARD' එක ලැබුන තමයි. ඉතින් එහෙමයි කියල ඔය හැටි කියෙව්වැකිද.අනික මං එච්චර කතා කරන කෙනෙකුත් නෙවෙයි.ඒත් මේ වගේ වෙලාවක ප්‍රොෆෙශනල් විදියට හැසිරෙන්නෙ නැතුව බෑනෙ.කොහොම උනත් මේ අවෝඩ් එක මට තනි මහන්සියෙන් ගන්න පුලුවන් එකක් නෙවෙයි. ඩිරෙක්ට' බෝඩ් එකේ ඉඳල එම්ප්ලොයීස්ල වෙනකම් හැමෝගෙම කැපවීම උනන්දුව නිසා තමයි කෙටි කාලෙකින් මේ වගේ තැනකට මට එන්න පුලුවන් උනේ.ඉතින් මේ වෙලාවෙදි ඒ හැමෝටම ආපිට ස්තූති කරන එක ආයතන ප්‍රධානියා විදියට මගේ වගකීම.ඒ නිසා තමා කාගෙන හරි මගෙ හැසිරීම ප්‍රොෆෙශනල් විදියට මේන්ටේන් කරගෙන හිටියෙත්.මේක හරි නම් උඩ පැනල සෙලිබ්‍රේට් කරන්න ඕනි අවස්ථාවක් උනත් මේ වෙලාවෙ මගෙ ඔලුව හරියට යකාගෙ කම්මල වගේ තමා.මොනවත් කරන්න මූඩ් එකකුත් නෑ.
YOU ARE READING
රෝස පෙති අතුරාලා - ( Sinhala GL ) Rosa Pethi Athurala
Romanceතාම වයස විසි හතරක් උනත් මේ පොඩි දූපතේ මට තියන පවුලේ සහ ප්‍රොෆෙශනල් කනෙක්ශන් එකත් එක්ක පිදුරු ගොඩක ඉඳිකට්ටක් හොයා ගන්න එකත් මහලොකු දෙයක් නෙවෙයි උනාට අවුරුදු පහක් තිස්සෙ මේ පොළොවෙ හැම අස්සක් මුල්ලක් නෑරම හොයන එයාව මට තාම මුණ නොගැහුනේ දවසක් පොඩි කතාබහක...